51
අඛණ්ඩව සිව්වැනි වසරටත් පාකිස්තාන ගුවන්ගමන් බලපත්‍රය ලොව වටිනාකම අඩුම ගුවන්ගමන් බලපත්‍රයක් ලෙස ලැයිස්තුගත වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ලොව ගුවන්ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් සිදු කරන හෙන්ලි ගුවන්ගමන් බලපත්‍ර දර්ශකයට අනුව පාකිස්තාන ගුවන් ගමන් බලපත්‍රයට ලැබී ඇත්තේ 100 වැනි ස්ථානය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම දර්ශකයේ පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම්වල ගුවන් ගමන් බලපත්‍ර ලැයිස්තුගත කර ඇති රටවල් අතර, එහිදී ඉරාකයේ ගුවන් ගමන් බලපත්‍රයට 101 වැනි ස්ථානයත්, සිරියාවේ ගුවන් ගමන් බලපත්‍රයට 102 වැනි ස්ථානයත් ලැබී ඇති අතර, ඇෆ්ගනිස්තාන ගුවන් ගමන් බලපත්‍රය එම දර්ශකයේ 103 වැනි තැනට පත්ව ඇතැයි වාර්තා වේ.මේ අතුරින් ඇෆ්ගනිස්තානයේ ගුවන් ගමන් බලපත්‍රය වඩාත්ම දුර්වල හා පිළිගැනීමක් නොමැති ගුවන් ගමන් බලපත්‍රය බව ද එහි සඳහන් වේ.
එම දර්ශකයට අනුව ලොව වඩාත්ම පිළිගැනීමට ලක්වී ඇති ගුවන්ගමන් බලපත්‍රය සිංගප්පූරුවට හිමි වී ඇති අතර, ඉතාලිය, ජර්මනිය, ජපානය, ප්‍රංශය හා ස්පාඤ්ඤය දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි වාර්තා වේ. එහි තුන්වැනි ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රියාව, ෆින්ලන්තය, අයර්ලන්තය, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, දකුණු කොරියාව සහ ස්වීඩනයට අයත් ගුවන් ගමන් බලපත්‍ර බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.







