Home Sport News Room : ශ්‍රී ලංකා-අය­ර්ලන්ත කාන්තාවෝ හෙට විස්සයි20 සටනේ

News Room : ශ්‍රී ලංකා-අය­ර්ලන්ත කාන්තාවෝ හෙට විස්සයි20 සටනේ

0
0

සංචා­රක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සහ අය­ර්ලන්ත කාන්තා කණ්ඩා­යම අතර තරග දෙක­කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට (11) ඩබ්ලි­න්හිදී ආරම්භ වෙයි.

දිවා රාත්‍රි තර­ග­යක් ලෙස පැවැ­ත්වෙන මේ තර­ගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රි 8.30ටය.

නිත්‍ය නායිකා චමරි අත­පත්තු එංග­ල­න්තයේ පැවැ­ත්වෙන ද හන්ඩ්‍රඩ් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්ව සිටින බැවින් මේ තර­ගා­ව­ලි­යට එක් නොවෙයි. එම නිසා කණ්ඩා­යම මෙහෙ­ය­වීමේ වග­කීම කඩුලු රකින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා 34 හැවි­රිදි අනුෂ්කා සංජී­ව­නීට හිමිව තිබේ. ඇය කණ්ඩා­යම මෙහෙ­ය­වන පළමු අව­ස්ථාව මෙයයි.

ආසි­යානු කුස­ලාන දිනා­ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම මේ තර­ගා­ව­ලි­යට එක්ව සිටින අතර, කොළඹ අනුලා විදු­හල් කඩුලු රකින ක්‍රීඩිකා කෞශානි නුත්‍යාං­ගනා මේ සංචි­ත­යට අලු­තින් එක්ව සිටී. ඇය පසු­ගිය ජූනි මස සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි හම්බ­න්තොට පැවති විස්සයි20 තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළාය.

ලෝරා ඩෙලනි අය­ර්ලන්ත පිලට නාය­ක­ත්වය දෙන අතර, 31 හැවි­රිදි ඇය ජාත්‍ය­න්තර විස්සයි20 තරග 108ක් ක්‍රීඩා කර ඇති අත්දැ­කීම් බහුල ක්‍රීඩි­කා­වකි.

මේ දෙපිල ජාත්‍ය­න්තර විස්සයි20 පිටි­යේදී හමු­වන්නේ වසර 8කට පසු­වය. අව­සන් වරට 2016 කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී දෙපිල හමුව ඇති අතර, එම තර­ගය ද සමඟ දෙරට අතර තරග 4කින් 3ක් ජය ගැනී­මට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. එක් තර­ග­යක් පන්දු­වක් හෝ නොයවා අත්හැර දමා තිබේ.

ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචි­තය – අනුෂ්කා සංජී­වනි (නායි­කාව), විශ්මි ගුණ­රත්න, හර්ෂිතා සම­ර­වි­ක්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, සුග­න්දිකා කුමාරි, උදේ­ශිකා ප්‍රබෝ­ධනී, අචිනි කෞශල්‍යා, ඉනෝෂි ප්‍රිය­ද­ර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසං­සලා, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, කෞෂානි නුත්‍යාං­ගනා.

අය­ර්ලන්ත කාන්තා විස්සයි20 සංචි­තය – ලෝරා ඩෙලනි (නායි­කාව), ආවා කැනින්, ක්‍රිස්ටිනා කෝල්ටර් රීලි, ඇලනා ඩල්සෙල්, ඇමී හන්ටර්, ආර්ලීන් කෙලී, ගේබි ලුවිස්, ජේන් මැගි­යර්, කාරා මරේ, ලී පෝල්, ඔර්ලා ප්‍රෙන්ඩ­ර්ගස්ට්, උනා රේමන්ඩ්-හෝයි, ෆ්‍රියා සාජන්ට්, රෙබෙකා ස්ටොකල්.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here