හියුගෝ චාවේස්ගෙන් පසු වෙනිසියුලාවේ බිහි වූ විශිෂ්ටතම නායකයා බව කියන වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝ අඛණ්ඩව තුන්වැනි වරටත් ජනාධිපතිධුරයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට පාලක පක්ෂය වන එක්සත් සමාජවාදී පක්ෂය ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත වෙනිසියුලාවේ ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස 61 හැවිරිදි මදුරෝ ඒකමතිකව නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ සමීපතම හිතවාදියා වූ මදුරෝ චාවේස්ගේ මරණයෙන් පසු 2013දී එරට ජනාධිපතිධුරයට පත් වූ අතර, 2018 ජනාධිපතිවරණයේදී ද විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත් විය.
The post වෙනිසියුලාවේ ජනාධිපති තුන්වැනි වරටත් තරග බිමට appeared first on දිනමිණ.






