20
කාන්තා අංශයේ ජයග්‍රාහිකාවන්
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රියර් අද්මිරාල්)
මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් දකුණු ආසියා ශූර ලයනල් සමරජීව සහ
ආසියානු ශූර කේතන් චන්ද්‍රදාස් යන
මහත්වරුන්ට උපහාර තිළිණ
ප්රදානය කළ අවස්ථාව
ජාතික ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවති 48 වැනි රට හරහා දිවීමේ පිරිමි තරගයේ ජය බස්නාහිර පළාතේ ආර්.එම්.එස්. පුෂ්පකුමාර දිනාගත් අතර කාන්තා අංශයේ ජයග්‍රහණය මධ්‍යම පළාතේ එච්.එම්.සී.එස්. හේරත් දිනා ගත්තාය.
නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය කේන්ද්‍රකොට කිලෝමීටර් 10ක දුරක් පැවති මේ තරගවලට පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩකයන් 79ක් හා ක්‍රීඩිකාවන් 47ක් සහභාගී වූහ. මේ තරගවලින් අනතුරුව පැවති ත්‍යාග ප්රදානෝත්සවයේදී හිටපු රට හරහා දිවීමේ ශූරයන් දෙදෙනකු වූ දකුණු ආසියාතික පදක්කම්ලාභී ලයනල් සමරජීව සහ ආසියා රට හරහා දිවීමේ ජයග්‍රාහක කේතන් චන්ද්‍රදාස් යන මහත්වරුන්ට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රියර් අද්මිරාල්) මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් උපහාර තිළිණ ප්රදානය කිරීමක් ද සිදු කෙරුණු අතර එම හිටපු ශූරයන් ඇගැයීම බොහෝ දෙනකුගේ ප්‍රසාදයට හේතු විය.
මේ තරගවල පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා මුදල් ත්‍යාග, සහතික හා කුසලාන පිරිනැමුණු අතර දහවැනි ස්ථානය දක්වා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩකාවන්ට මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර හිමි විය.
තරග ප්‍රතිඵල: පිරිමි – 1. ආර්.එම්.එස්. පුෂ්පකුමාර – බස්නාහිර පළාත (මිනිත්තු 34.04), 2. වී. විකාශන් – මධ්‍යම පළාත (මි. 34.04), 3. ටී.එම්. එරන්ද තෙන්නකෝන් – ඌව පළාත (මි. 34.38), 4. කේ.එච්.එම්. සරත් කුමාර – ඌව පළාත (මි. 35.24), 5. එම්. ගෝපි නාදන් – ඌව පළාත (මි. 35.28), කාන්තා –
1. එච්.එම්.සී.එස්. හේරත් – මධ්‍යම පළාත (මිනිත්තු 39.30), 2. ඩබ්.ඒ.එම්.ආර්. විජේසූරිය – නැඟෙනහිර පළාත (මි. 39.32), 3. ඩබ්.එම්. නිමේෂා නිදර්ශනී – ඌව පළාත (මි. 39.50), 4. එම්.එස්.පී.එම්. පෙරේරා – බස්නාහිර පළාත (මි. 40. 29), 5. ඒ.එල්.එන්. ආරියදාස – සබරගමුව (මි. 40. 49)
ප්‍රින්ස් ගුණසේකර