Home World News Room : යුරෝපා සහ අමෙ­රිකා ගුවන් තහ­නම ඉවත් කිරී­මට පාකි­ස්තාන රජ­යට...

News Room : යුරෝපා සහ අමෙ­රිකා ගුවන් තහ­නම ඉවත් කිරී­මට පාකි­ස්තාන රජ­යට යෝජ­නා­ව­ලි­යක්

0
0

වසර 4ක කාල­යක් පුරා යුරෝපා සහ අමෙ­රි­කාව ගුවන් සීමාවේ පියා­සර කිරීම තහ­නම් කර ඇති පාකි­ස්තාන ගුවන් සේව­යට එම තහ­නම ඉවත් කර­ගැ­නී­ම සඳහා පාකි­ස්තාන ගුවන් යානා හිමි­ක­රු­වන්ගේ සහ මෙහෙ­යුම් නිල­ධා­රීන්ගේ සංග­මය නව රජ­යට යෝජ­නා­ව­ලි­යක් ඉදි­රි­පත් කර ඇතැයි පාකි­ස්තා­නයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

වෘත්තී­ය­භා­ව­ය­කින් තොරව ගුවන් නියමු බල­පත්‍ර නිකුත් කිරීම සහ එම බල­පත්‍ර ජාත්‍ය­න්තර ප්‍රමි­ති­යට අනු­ගත නොවීම හේතු­වෙන් 2020 ජුනි මාසයේ සිට මාස 6ක කාල­සී­මා­ව­කට බ්‍රිතා­න්‍යය ඇතු­ළුව යුරෝ­පයේ ගුවන් සීමා­වට පිවි­සී­මට පාකි­ස්තාන ගුවන් සේව­යට අව­සර නොලැ­බුණු අතර, එය අඛ­ණ්ඩව දීර්ඝ වෙමින් තිබේ. එම කාලය ඇතු­ළත අමෙ­රි­කාව ද එවැ­නිම තහ­න­මක් ක්‍රියා­ත්මක කර ඇත්තේ පාකි­ස්තාන ගුවන් නිය­මු­වන්ගේ වෘත්තී­ය­භා­වය සම්බ­න්ධව මතු වූ ගැටලු හේතු­වෙනි. නිය­මිත සුදු­සු­කම් සපුරා නැති ගුවන් නිය­මු­වන්ට බල­පත්‍ර නිකුත් කිරීම හේතු­වෙන් එම තහ­න­මට මුහුණ පෑමට පාකි­ස්තාන ගුවන් සේව­යට සිදු වූ බවත්, එය නිවැ­රදි කිරී­මට එරට ගුවන් නියමු පරී­ක්ෂණ නවී­ක­ර­ණය සහ සංශෝ­ධ­නය කිරී­මට අදා­ළව එම යෝජ­නා­ව­ලිය ඉදි­රි­පත් කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here