Home World News Room : නවීන පරිසර නිරීක්ෂණ පද්ධතියක් සඳහා චීනයෙන් සැලසුම්

News Room : නවීන පරිසර නිරීක්ෂණ පද්ධතියක් සඳහා චීනයෙන් සැලසුම්

1
0

නවීන පරිසර නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට චීනය සැලසුම් කරයි. පරිසර දූෂණය පාලනය කිරීම සහ ඊට විසඳුම් සෙවීම, පරිසර සංරක්ෂණය සහ දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම යන කාර්යයන් හි ඵලදායිතාව ඉහළ නංවා ගැනීමේ අරමුණින් මෙම නව නිරීක්ෂණ පද්ධතිය නිර්මාණය කෙරේ.

චීන පරිසර අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ මෙම නව පද්ධතිය විශ්වසනීය, නිවැරදි සහ සවිස්තරාත්මක දත්ත එක්රැස් කිරීම කාර්යක්ෂම ලෙස සිදුකරනු ඇති බවයි.

මෙම නිරීක්ෂණ පද්ධතිය චන්ද්‍රිකා, ගුවන් සේවා සහ භූගත දුරස්ථ සංවේදක ක්‍රමවේද භාවිතයෙන් නිර්මාණය කෙරෙන අතර, ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමට ද නියමිත ය.

වසර 2035 වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන අතර එමගින් චීනයේ පාරිසරික නිරීක්ෂණ හැකියාව ගෝලීය වශයෙන් ඉහළ මට්ටමකට රැගෙන එනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here