Home World News Room : කැනඩාවේ තවත් ඛේදවාචකයක් – එකම පවුලේ මව, පියා සහ...

News Room : කැනඩාවේ තවත් ඛේදවාචකයක් – එකම පවුලේ මව, පියා සහ දියණිය මරුට

2
0

සැක සහිත ගින්නකට හසුව කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානු සම්භවයක් ඇති යුවලක් සහ ඔවුන්ගේ දියණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වේ.

ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි නිවස තුළ දී පසුගිය 07 වැනිදා අදාළ පවුල මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බව වාර්තා වේ.

ගින්න නිවාදැමීමෙන් පසු, විමර්ශකයින් විසින් විනාශ වූ නිවස තුළ මිනිස් අස්ථි කොටස් සොයා ගත් නමුත්, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඒ වන විට තහවුරු කර ගත නොහැකිව තිබූ බව සදහන් වේ.

කෙසේ වෙතත් අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල දී ඒවා එකම පවුලේ පියා, මව සහ දියණියගේ බවට ඊයේ තහවුරු කරගෙන ඇත.

51 හැවිරිදි රජිව් වාරිකූ ඔහුගේ බිරිඳවන 47 හැවිරිදි ශිල්පා කෝතා සහ ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය වන මහෙක් වාරිකූ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බව සඳහන්ය.

මෙම පවුලේ සාමාජිකයින් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවත්, තොරතුරු දන්නා ඕනෑම අයෙකු ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔන්ටාරියෝ පොලිසිය දැනුම් දී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here