14
චීනය විසින් ටිබෙට් දේශය ස්වයං පාලන කලාපයක් ලෙස නම් කරමින් සිදු කරනු ලබන බව කියන විවිධ හිංසා පීඩනවලට එරෙහිව පසුගියදා ඔස්ට්‍රියාවේ වියානා නුවර චීන තානාපති කාර්යාලය අසල විරෝධතාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ විරෝධතාව සඳහා ඔස්ට්‍රියාවේ සිටින ටිබෙට් ජාතිකයන් විශාල පිරිසක් සහභාගි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ටිබෙට් ජාතිකයන් එරට ජාතික ධජය සහ චීන විරෝධී පෝස්ටර් රැගෙන මේ විරෝධතාවට සහාභාගි වී ඇති අතර, චීනය ටිබෙට් දේශයෙන් ඉවත් විය යුතු බවත්, නිදහස් ටිබෙට් රාජ්‍යයක් උදෙසා සටන් කළ යුතු බවත් ප්‍රකාශ කරමින් උද්ඝෝෂණය කළ බව ද වාර්තා වේ. ටිබෙට් ජාතික ළමුන් බලහත්කාරයෙන් නේවාසික පාසල් වෙත රැගෙන යෑමේ චීන ක්‍රියාකාරකම් හෙළා දකිමින් එරට නව ඔස්ට්‍රියානු සහ ලිබරල් සමුළුව දේශපාලන නියෝජිතයන් ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.