12
යේමනයට ඔබ්බෙන් මුහුදු තීරයේදී වෙළෙඳ නෞකාවකට එල්ල වූ හවුති මිසයිල ප්‍රහාරයකින් හානි සිදු වී ඇතැයි සමුද්‍ර ආරක්ෂක නිරීක්ෂකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් නෞකාව අඛණ්ඩව යාත්‍රා කළ බව ද වාර්තා වේ.
ඊශ්‍රායලයට සම්බන්ධ කිසිදු නෞකාවකට ඉන්දීය සාගරය හරහා යාත්‍රා කිරීමට ඉඩ නොතබන බව හවුති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී තවදුරටත් එම ප්‍රහාර පුළුල් කරන බවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මේ මස මුල් භාගයේදී හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකින් ඒඩ්න් මුහුදු තීරයේදි වෙළෙඳ නෞකාවක් ගිනිබත් වූ අතර, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබිණි. කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් දිවි බේරා ගනු ලැබුවේ නෞකාව අතහැර පලා යෑමෙනි.