Home World News Room : දරුණු සුන­ඛ­යන් වර්ග 25ක් ඉන්දි­යාවේ තහ­නම් කරයි

News Room : දරුණු සුන­ඛ­යන් වර්ග 25ක් ඉන්දි­යාවේ තහ­නම් කරයි

1
0

මිනිස් ජීවි­ත­යට තර්ජ­න­යක් විය හැකි දරුණු සුන­ඛ­යන් වර්ග 25ක් ඇති දැඩි කිරිම තහ­නම් කිරී­මට ඉන්දීය රජය පිය­වර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යාව පුරා දිනෙන් දින ඉහළ යන ආක්‍ර­ම­ණ­ශීලී සුන­ඛ­යන්ගේ සපා කෑම් සැල­කි­ල්ලට ගනි­මින් මේ තහ­නම පනවා ඇතැයි ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ. විශේ­ෂඥ නිර්දේශ යටතේ එම තහ­නම පැනැ­වී­මට කට­යුතු කර ඇති අතර, දැනට එම තහ­න­මට පනවා ඇති සුනඛ වර්ග ඇති දැඩි කරන හිමි­ක­රු­වන්ට දැඩි කොන්දේසි පැනැ­වී­මට ද පිය­වර ගෙන ඇතැයි වාර්තා වේ.

පිට්බුල්, රොට්ව­ය­ලර්, ටෙරි­යර් ඇතුළු සුනඛ වර්ග 25ක් ඒ අත­රට ඇතු­ළත් වන බවත්, එම තහ­නම පසු­ගිය 12 වැනිදා සිට ක්‍රියා­ත්මක කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳ­හන් කළේය. ඒ අනුව වහාම ක්‍රියා­ත්මක වන පරිදි තහ­නම් කර ඇති සුනඛ වර්ග ආන­ය­නය කිරීම, අලෙවි කිරීම සහ අභි­ජ­න­නය කිරීම තහ­නම් කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here