25
මේ මස 23 වැනිදාට යෙදෙන පාකිස්තාන ජනරජ දිනයට පෙර ඉස්ලාමාබාද් අගනුවර දැවැන්ත විරෝධතා රැස්වීමක් පවත්වන බව ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ප්‍රාන්ත අගනුවරදී රැස්වීමකට එක් වූ එම පක්ෂයේ නායක ශෙර් අෆ්සාල් මර්වාට් මේ බව සඳහන් කර ඇති අතර, පසුගියදා පැවැති මහමැතිවරණයේදී සිදු වූ ඡන්ද දූෂණය සහ පක්ෂ සභාපති ඉම්රාන් ඛාන් සිරගත කර තැබීමට එරෙහිව එම විරෝධතා රැස්වීම පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම රැස්වීම පැවැත්වීම සඳහා ඉස්ලාමාබාද් නියෝජ්‍ය කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගැනීමට කටයුතු යොදා ඇතැයි ද, ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම් මහාධිකරණයට යන බව ද ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාමකාමී විරෝධතාවක් පැවැත්විම සිය අයිතිවාසිකම බව ද ඔහු සඳහන් කර ඇත.






