Home World News Room : රුසියානු ජනාධිපතිවරණය ඇරඹෙයි – දිනමිණ

News Room : රුසියානු ජනාධිපතිවරණය ඇරඹෙයි – දිනමිණ

4
0

රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ.

අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු එය 17 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.

රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව එකොලොස්කෝටි විසිලක්ෂයකි. රට පුරා ස්ථාපිත ඡන්ද කොට්ඨාස ගණන අනූහතරදහසකට අධික ය.

වෙනත් රටවල් හා කලාපවල ද ඡන්ද කොට්ඨාස 295 ක් පිහිටුවා තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ස්වාධීන රාජ්‍ය මෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු සංවිධාන ගණනක නිලධාරීහු ජනාධිපතිවරණ අධීක්ෂණයට එක් ව සිටිති. රුසියානු හා සෙසු රටවල මාධ්‍යවේදීන් 1400 කට අධික පිරිසක් මෙහි වාර්තාකරණ කටයුතු සිදුකරනු ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ සිව්දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

ජනාධිපති ව්ලැද්මීර් පුටින්, රුසියානු ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ Leonid Slutsky, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ Nikolaĭ Kharitonov සහ නව ජනතා පක්ෂයේ Vladislav Davankov යනු එම සිව්දෙනා යි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here