Home World News Room : ඕමානයේ වරාය ව්‍යාපෘතියට ගෞතම් අදානිට ඇරියුම්

News Room : ඕමානයේ වරාය ව්‍යාපෘතියට ගෞතම් අදානිට ඇරියුම්

0
0

ඉන්දීය සාගරයත්, අරාබි මුහුදත් එකට යා කරන මැදපෙරදිග අතිශය වැදගත් උපායමාර්ගික සහ වාණිජ වටිනාකමකින් යුතු ඕමානයේ ඩුකම් වරායේ ආයෝජන ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට ඇරියුම් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩුකම් නුවර විශේෂ ආර්ථක කලාපය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වන ඩුකම් වරායේ ඉන්දීය ආයෝජනය ඉන්දීය නාවික යාත්‍රාවලට පහසුකම් සැලසීමේ පර්යන්තයක් ප්‍රවර්ධනය කිරීම සහ ආයෝජන සඳහා ගමනාන්තයක් ලෙස එම වරාය භාවිත කිරීම යන අරමුණු ඔස්සේ සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2022 දී නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කර ඇති ඩුකම් වරායේ මෑත කාලයේ විවිධ ආයෝජන සඳහා ඕමානය අදානි සමූහ ව්‍යාපාරයේ කෙරෙහි වැඩි අවධානයකින් පසුවන බවත් වාර්තා වේ. පසුගියදා ඕමානයේ නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට පැමිණ අදානිගේ කාර්යාලයේදී මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here