Home World News Room : TIKTOK තහනම් කිරීමට යෝජනාවක් – දිනමිණ

News Room : TIKTOK තහනම් කිරීමට යෝජනාවක් – දිනමිණ

0
0

ලොව පුරා ප්‍රචලිත ටික්ටොක් යෙදවුම සිය රට තුළ තහනම් කිරීමට යෝජනාවක් අමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගෙන තිබේ.

මෙය කෙටුම්පතක් ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩල ය තුළ සම්මත වුවද, එය නීතියක් බවට පත්වීම සදහා සෙනෙට් සභාවේ සහ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අත්සන් යෙදිය යුතු වේ.

2012 වසරේ ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්‍ෂාවට තර්ජන එල්ලවන බවට මත පළ විය. ඒ අනුව නීති සම්පාදකයින් මෙම කෙටුම්පත සකස් කර ඇත. ටික්ටොක් සමාජ මාධ්‍ය සඳහා දිගින් දිගටම චීනයේ බලපෑම් එල්ල වන බවට චෝදනා එල්ල වි තිබුණි.

අමෙරිකාවේ දැවැන්ත සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් සමාගමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් වෙත සිය කොටස් විකිණීම සඳහා මාස හයක කාලයක් මේ අනුව ලබා දී තිබේ.

එසේ විකිණීමට අපොහොසත් වුවහොත් එම සමාජ මාධ්‍ය අමෙරිකාව තුළ අවහිර කිරීමේ ඉඩකඩක් පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here