24
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙයි.
එහිදී හොඳම සහය නිළිය ලෙස Da Vine Joy Randolph ‘The holdovers’ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත් බවයි වාර්තා වෙයි.
එමෙන්ම හොඳම සහය නළුවා ලෙස Robert Downey Jr විසින් ‘Oppenheimer’ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට සමත් විය.
හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටිය ලෙස ‘‘ද සෝන් ඕෆ් ඉන්ටරෙස්ට්‘‘ චිත්‍රපටය සම්මාන හිමිකර ගත්තේය.
එහිදී එම චිත්‍රපටියේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා වු ජොනතන් ග්ලේසන්, ගාසා තීරයේ සිදුකරන අමානුෂික ප්‍රහාර සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.
මේ අතර හොඳම ගීතයට හිමි සම්මානය හිමිකරගත්තේ “Barbie” චිත්‍රපටියේ “What Was I Made For” යන ගීතය රචනා කළ Billie Eilish සහ ඇයගේ සහෝදරයා වන Finneas O’Connell විසිනි.
“Poor Things” චිත්‍රපටයේ රඟපෑ Emma Stone හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය.







