Home World News Room : බ්‍රිතාන්‍ය අගමැතිගේ නැන්දම්මා ඉන්දීය පාර්ලිමේන්තුවට

News Room : බ්‍රිතාන්‍ය අගමැතිගේ නැන්දම්මා ඉන්දීය පාර්ලිමේන්තුවට

0
0

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ගේ නැන්දණිය වන සුදා මූර්ති ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නිර්දේශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලේඛිකාවක සහ සමාජ සේවිකාවක වන ඇය රිෂී සුනාක්ගේ බිරිය අක්ෂාතාගේ මව වන අතර, කෝටිපති ව්‍යාපාරික නාරායන මූර්තිගේ බිරිය වේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරු තෝරාපත් කරගනු ලබන්නේ ඡනතා ඡන්දයෙන් වූවද, 73 හැවිරිදි සුදා මූර්තිට එහි අසුනක් හිමි වී ඇත්තේ එරට ජනාධිපති නිර්දේශ මත 12 දෙනකු තෝරාගැනීමේ සම්ප්‍රදායට අනුවය. වසර 6ක කාලසීමාවකට තෝරාගෙන ඇති සුනාක්ගේ නැන්දණියට අමතරව දමිළ සිනමාවේ ප්‍රකට සංගීතඥ ඉලෙයරාජා සහ එරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරය දිග්විජය කළ පී.ටී.ඌෂා ද සිටිති.

සිය සමාජ සේවය උදෙසා පසුගිය වසරේදී ඉන්දියාවේ ඉහළම තුන්වැනි පුරවැසියට පිරිනැමෙන පද්මභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සුදා මූර්ති 2006 වසරේදී පද්ම ශ්‍රී සම්මානයට ද පාත්‍ර වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here