Home World News Room : පාකිස්තානයේ ජනපති පුටුව දෙවැනි වරටත් සර්දාරිට

News Room : පාකිස්තානයේ ජනපති පුටුව දෙවැනි වරටත් සර්දාරිට

0
0

පාකිස්තානයේ හවුල් රජයක් පිහිටුවීමෙන් පසු හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි දෙවැනි වරටත් ජනපති ධුරයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 68 හැවිරිදි ජනාධිපතිවරයා එරට හිටපු අගමැතිනිය බෙනාසිර් භුතෝගේ සැමියා වන අතර, හිටපු විදේශ ඇමැති සහ පාකිස්තාන මහජන පක්ෂයේ නායක බිල්වාල් භූතෝගේ පියා ද වේ.

නව ජනාධිපති තෝරා පත් කරගැනීමට පසුගියදා පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත රාජ්‍යයන් හි පැවැති ඡන්ද විමසීමේදී සර්දාරිට ඡන්ද 411ක් ලැබී ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ ඉම්රාන් හිතවාදී මෙහ්මූඩ් ඛාන්ට ඡන්ද 181ක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නව ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය 2008 සිට 2013 දක්වා පැවැති අතර, පාකිස්තානයට නිදහස ලැබීමෙන් පසු උපන් පුද්ගලයකු එරට ජනාධිපති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද එය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here