Home World News Room : උඩුගුවනේදී කාන්තාවකට දරු උපතක් – වින්නඹුකම ගුවන් නියමුවාගෙන්

News Room : උඩුගුවනේදී කාන්තාවකට දරු උපතක් – වින්නඹුකම ගුවන් නියමුවාගෙන්

1
0

තායිවානයේ සිට තායිලන්තයේ බැංකොක් නුවර බලා පියාසර කළ ගුවන්යානයක් තුළදී හදිසියේම විලිරුදාව හටගත් කාන්තාවකට දරු ප්‍රසූතිය සඳහා එම ගුවන් යානයේ නියමුවා වින්නඹුකම් කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කාන්තාවකට හදිසි අවශ්‍යතාවක් හටගෙන ඇතැයි වියට්ජෙට් ගුවන් සේවයට අයත් එම ගුවන්යානයේ සේවිකාවක යානයේ නියමුවා වූ ජැකරින් සරර්න්රාක්ස්කුල් දැනුම්දීමෙන් පසු සිය සහායක නියමුවාට ගුවන් යානය හසුරුවන්නට උපදෙස් දී වහා එම අසුන වෙත ගිය ගුවන් නියමුවා ඇයට ප්‍රථමාධාර දී ඇතැයි ද, පසුව ගුවන්යානයේ වැසිකිළියක් තුළදී ගුවන් සේවිකාවන්ගේ සහායෙන් ඇය දරු ප්‍රසූතිය සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තමා වසර 18ක් ගුවන් නියමුවකු ලෙස සේවය කරන බවත්, පළමුවතාවට දරු ප්‍රසූතියකට සහාය දුන් බවත් ඔහු සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අලුත උපන් බිලිිඳා තුරුළු කරගෙන ගත් ඡායාරූපයක් ද මුදා හරිමිනි. එම දරු සිඟිත්තාට ‘ස්කයි බේබි’ නමින් සුරතල් නමක් ද තැබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. මව සහ බිලිඳා පූර්ණ සුවෙන් පසුවන බව බැංකොක් නුවරින් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here