Home World News Room : හයි­ටියේ හදිසි තත්ත්වය දීර්ඝ කරයි

News Room : හයි­ටියේ හදිසි තත්ත්වය දීර්ඝ කරයි

0
0

ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් විසින් සිදු කරනු ලබන අර­ග­ලය හේතු­වෙන් හයිටි රාජ්‍යය අරා­ජික තත්ත්ව­ය­කට ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් මෙල්ල කිරී­මට එරට ආර­ක්ෂක අංශ මෙතෙක් සමත් වී නැතැයි ද වාර්තාවේ. එරට පෝර්ටු ප්‍රින්ස් අග­නු­වර වැඩි ප්‍රමා­ණ­යක බලය ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් අත්ක­ර­ගෙන සිටින බවත්, උද්ගත වී ඇති තත්ත්වය හේතු­වෙන් එරට හදිසි නීතිය තව­දු­ර­ටත් දීර්ඝ කිරී­මට රජය පිය­වර ගෙන ඇති බවත් වාර්තා වේ.

ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් මැඬ පැවැ­ත්වීමේ අර­මු­ණින් පසු­ගි­යදා දින තුනක ඇඳිරි නීතිය ප්‍රකා­ශ­යට පත් කළ ද, එම කාල සීමා­වේදී පොලිස් ස්ථාන ඇතුළු රජයේ ආය­තන ගණ­නා­ව­කට ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් දැඩි ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. හයිටි අග­මැති ඒරි­යල් හෙන්රි සිය තන­තු­රෙන් ඉවත් නොවන්නේ නම් හයිටි රාජ්‍යයේ ජන සංහා­ර­යක් බවට පත් විය හැකි සිවිල් යුද්ධ­යක් ඇති­වනු ඇතැයි ද ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් නාය­කයා මීට පෙර අන­තුරු අඟවා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here