Home Sport News Room : එන්එස්එල් එක්දින අව­සන් සටන හෙට

News Room : එන්එස්එල් එක්දින අව­සන් සටන හෙට

1
0

නැෂ­නල් සුපර් ලීග් (එන්එ­ස්එල්) ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ගය හෙට (10) දඹුල්ල සහ මහ­නු­වර කණ්ඩා­යම් අතර කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී දිවා රාත්‍රි තර­ග­යක් ලෙස පැවැත්වේ.

පසු­ගිය වසරේ ශූර­යන් වූ මිනෝද් භානු­කගේ නාය­ක­ත්ව­යෙන් තරග කරන දඹුල්ල කණ්ඩා­යම සිය ශූර­තාව රැක­ගැ­නීමේ අර­මු­ණින් මේ තර­ග­යට එක් වෙයි. මහ­නු­වර කණ්ඩා­යම මූලික වට­යේදී නිරෝ­ෂන් දික්වැ­ල්ලගේ නාය­ක්ත­ව­යෙන් තරග කළ අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩා­යමේ බංග්ලා­දේශ තරග සංචා­ර­යට එක්වීම හේතු­වෙන් මේ තර­ගය අහිමි වී තිබේ.

මූලික වටයේ සහ­භාගි වූ තරග 4න් 3ක් ජය ගැනී­මට දඹුල්ල සමත් වූ අතර, ඒ අනුව ප්‍රසාද ලකුණු 6ක් සම­ඟින් ඔවුන් අව­සන් තර­ග­යට එක් විය. මහ­නු­වර සමඟ පසු­ගිය වසරේ අනු­ශූ­ර­යන් වූ යාප­නය සහ ගාල්ල කණ්ඩා­යම් ජය­ග්‍ර­හණ දෙක බැගින් වාර්තා කර­මින් ප්‍රසාද ලකුණු 4 බැගින් හිමි කර ගත්තේය. ඒ අනුව අව­සන් තර­ග­යට එක්වන දෙවැනි කණ්ඩා­යම දළ ලකුණු වේගය මත තීර­ණය වූ අතර, 0.791ක වේග­යක් රඳ­වා­ගත් මහ­නු­ව­රට අව­සන් තර­ග­යට එක්වීමේ අව­ස්ථාව හිමි විය. යාප­නය -0.087ක් සහ ගාල්ල -0.5570ක වේග­යක් සට­හන් කර තිබිණි.

මෙවර තර­ගා­ව­ලියේ වැඩිම ලකු­ණු­ලා­භීන් අතර ඉදි­රි­යෙන් පසු­වන ෂෙහාන් ප්‍රනාන්දු – 249 (ගාල්ල), නිපුන් කරු­ණා­නා­යක – 240 (යාප­නය) සහ ජනිත් ලිය­නගේ – 225 (යාප­නය) අව­සන් තර­ගය අහිමි වී ඇති අතර, සිවු­වැනි තැන පසු­වන කමිල් මිෂාර (221) මහ­නු­වර කණ්ඩා­ය­මත්, 5 වැනියා වන පවන් රත්නා­යක දඹුල්ල කණ්ඩා­ය­මත් (182) නියෝ­ජ­නය කරති.

කඩු­ලු­ලා­භීන් අතර පෙර­මුණ ගෙන සිටින ළහිරු කුමාර (9) මහ­නු­වර පිල නියෝ­ජ­නය කරන අතර, දෙවැ­නියා සහ තෙවැනි වන තරිඳු රත්නා­යක (8) සහ ප්‍රභාත් ජය­සූ­රිය (7) කොළඹ පිල නියෝ­ජ­නය කිරීම හේතු­වෙන් අව­සන් තර­ගය අහිමි වී තිබේ. සිවු­වැනි තැන පසු­වන විශ්ව ප්‍රනාන්දු දඹුල්ල කණ්ඩා­ය­මට එක්ව සිටී.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here