14
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ධර්ම්ශාලාහිදී පැවැත්වෙන 5 වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8කට ලකුණු 473ක් රැස් කිරීමට සත්කාරක ඉන්දියාව සමත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 218කට සීමා වූ අතර, ඒ අනුව ඉන්දියා පළමු ඉනිමේදී එංගලන්තයට වඩා ලකුණු 255ක් ඉදිරියෙන් සිටී.
ඊයේ තරගයේ දෙවැනි දිනය නිමා වන විට කුල්දීප් යාදව් ලකුණු 27ක් සහ ජස්ප්‍රීට් බුම්රා ලකුණු 19ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
තරගයේ දෙවැනි දිනය අරඹන විට කඩුල්ලක් දැවී ලකුණු 135ක් රැස් කර සිටි ඉන්දියාව ඊයේ දිනයේ කඩුලු 7ක් බිඳ වැටෙද්දී තවත් ලකුණු 338ක් එක් කර ගත්තේය. පළමු දිනයේ නොදැවී සිටි නායක රොහිත් ශර්මා (52) සහ ශුබ්මන් ගිල් (26) ඊයේ සිය ඉනිම ශතක කරා රැගෙන ගියහ. ලකුණු 171 සබඳතාවකින් පසු සිය 12 වැනි ටෙස්ට් ශතකය ලෙස ලකුණු 103ක් රැස් කළ ශර්මා දැවී ගියේය. සිවුවැනි ටෙස්ට් ශතකය ලෙස ගිල් ඊයේ ලකුණු 110ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා දැවී යෑමෙන් පසු දෙව්දුත් පඩික්කාල් සහ සර්ෆරාස් ඛාන් ලකුණු 97ක් එක් කළ අතර, මේ තරගයෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසි දෙව්දුත් සිය මංගල අර්ධ ශතකය ලෙස ලකුණු 65ක් රැස් කළේය. ඛාන් ලකුණු 56කට දැවී ගිය අතර, පන්දු යැවීමේදී ෂොයිබ් බෂීර් කඩුලු 4ක් දවා ගත්තේය.
අද තරගයේ තෙවැනි දිනයයි.








