Home World News Room : ඉන්දි­යා­නු­වන් රුසි­යා­වට පට­වන මිනිස් ජාවා­ර­මක් හෙළි වෙයි

News Room : ඉන්දි­යා­නු­වන් රුසි­යා­වට පට­වන මිනිස් ජාවා­ර­මක් හෙළි වෙයි

1
0

යුද්ධ­ය­කට මැදි වී සිටින රුසි­යාවේ රැකියා අවස්ථා ලබා දෙන බව කිය­මින් ඉන්දීය ජාති­ක­යන් රුසි­යා­වට යවනු ලබන මිනිස් ජාවා­ර­මක් අනා­ව­ර­ණය කර ගැනී­මට ඉන්දීය මධ්‍යම විම­ර්ශන ඒජ­න්සිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අති­වි­ශාල මුද­ල­කට එම රැකියා අවස්ථා සප­යන බවට සමාජ මාධ්‍ය­ජාලා ඔස්සේ ජන­තාව නොමඟ යව­මින් විවිධ දැන්වීම් පළ කර ඇති තැර­ව්ක­රු­වන් එරට ප්‍රාන්ත රැස­කින් දැන­ට­මත් පුද්ග­ල­යන් 35 දෙනකු රුසි­යා­වට පිටත් කර ඇතැයි ද හෙළි වී තිබේ.

ඉන්දීය මධ්‍යම විම­ර්ශන ඒජ­න්සිය එම ජාවා­රම අනා­ව­ර­ණය කර­ගෙන ඇත්තේ එසේ මුළා වූ ඉන්දීය ජාති­ක­යන් දෙදෙ­නකු පසු­ගි­යදා රුසි­යා­වට යමින් සිටි­යදී යුද්ධ­යට මැදි වී මිය යෑමේ සිදු­වි­මෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉන්දීය රුපි­යල් එක්ලක්ෂ පන­ස්ද­හ­සක මාසික වැටු­පක් ලබා­දෙන බවට තැර­ව්ක­රු­වන් විසින් මුළා කරනු ලැබූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත­යට අයත් පුද්ග­ල­යකු මොස්කව් නුවර සිට ප්‍රකාශ කර ඇත.

ඉන්දීය මධ්‍යම විම­ර්ශන ඒජ­න්සියේ නිල­ධා­රීන් පසු­ගි­යදා නව­දිල්ලි සහ මුම්බායි නග­ර­වල ස්ථාන 13ක් පමණ වටලා ඇති අතර, එහිදී එරට මුද­ලින් රුපි­යල් මිලි­යන 5ක මුද­ලක් ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here