Home World News Room : සුපිරි නළුවා හදිසියේම රෝහල්ගත කරයි

News Room : සුපිරි නළුවා හදිසියේම රෝහල්ගත කරයි

2
0

දමිළ සිනමාවේ ජනප්‍රිය නළු අජිත් කුමාර් චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබේ.

බ්‍රහස්පතින්දා උදෑසන ඔහු පරීක්ෂණ කිහිපයක් සඳහා මෙලෙස රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

ඔහු දැනට ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් තවමත් නොමැති බවත් සදහන් වේ.

52 හැවිරිදි අජිත් කුමාර් මේ දිනවල ‘vidamuyatchi චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය සපයන අතර චිත්‍රපටයේ රූගත කිරීම් අසර්බයිජානයේදී අවසන් කර ඇති අතර එහි දෙවන අදියරේ රූගත කිරීම් ජෝර්ජියාවේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මාර්තු 15 වැනිදා සිට නැවත රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිති බව සදහන් වේ.

මීට දින කිහිපයකට පෙර අජිත් කුමාර් ඔහුගේ පුත් ආද්වික් වෙනුවෙන් පැවැත්වූ උපන්දින උත්සවයේ දර්ශන ද සමාජ මාධ්‍ය තුළ රැල්ලක් ඇති කළ අතර එය පාපන්දු ක්‍රීඩාව තේමා කර ගනිමින් සංවිධාන කර තිබුණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here