20
ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයකු වෛද්‍ය නිර්දේශ නොතකා වාර 217ක් කොවිඩ් එන්නත ලබා ගැනීමේ විස්මයජනක පුවතක් ලෝක ප්‍රකට ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ලිපියකින් අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ලිපියට අනුව අදාළ ජර්මානුවා කොවිඩ් එන්නත්කරණය සිදු කරගෙන ඇත්තේ මාස 29ක් වැනි කෙටි කාලසීමාවකදීය. එමෙන්ම එම සියලු එන්නත් ඔහු විදගෙන ඇත්තේ පෞද්ගලික ස්ථානවලදී බව ද හෙළි වී තිබේ. ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ තොරතුරු මත ජර්මනියේ අර්ලන්ජෙන් නියුරෙම්බර්ග් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්රජීව දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කිලියන් ෂූබර් එම පුද්ගලයා හමුවී ඇති අතර, ඔහු විවිධ පරීක්ෂණවලට ලක් කර ඇතැයි ද වාර්තා වේ. මෙතරම් විශාල කොවිඩ් එන්නත්කරණයකට ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වා ඇති ආකාරය නිශ්චිතව සොයා ගැනීම සඳහා ඔහුගේ මූත්‍රා සහ ඛේට සාම්පල ද ලබා ගෙන ඇතැයි වාර්තා වේ.






