Home World News Room : ලොව වයස්ගතම කාන්තාව වියට්නාමයෙන් – දිනමිණ

News Room : ලොව වයස්ගතම කාන්තාව වියට්නාමයෙන් – දිනමිණ

1
0

දකුණු වියට්නාමයේ ඩොං නයි ප්‍රාන්තයේ පදිංචි 119 හැවිරිදි කාන්තාවක් ලොව වයස්ගතම කාන්තාවගේ ගිනස් වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ට්‍රින් තී කොං නමැති මේ කාන්තාවගේ සැබෑ උපන්දිනය 1905 දී සිදු වූ බවට පසුගියදා එරට බලධාරින් තහවුරු කර ඇති අතර, ඒ අනුව ඇය දැනට ලොව වයස්ගතම කාන්තාවගේ ගිනස් වාර්තාවට හිමිකම් කියන ප්‍රංශයේ මරියා මොරේරාට වඩා අවුරුදු 2ක් වැඩිමල් බව වාර්තා වේ.

මේ වන විට ඇගේ පවුලේ සාමාජිකයන් සිය මිත්තණියට එම ගිනස් වාර්තාව අත්කර දීමට උත්සාහ කරමින් සිටින බවත්, ඩො නයි ප්‍රාන්තයේ බලධාරින් නිල වශයෙන් ඇගේ උපන්දිනය ප්‍රකාශයට පත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ට්‍රින් තී කොං මේ වන විට ඇගේ 82 හැවිරිදි දියණියගේ රැකවරණය යටතේ ජීවත්වන බව තහවුරු වී ඇති අතර, ඇගේ වැඩිමල් පුත්‍රයාගේ වයස අවුරුදු 99ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අවුරුදු 119ක් වුවද ට්‍රින් තී කොං යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පසුවන බවත්, සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩකටයුතුවල නිරත වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here