Home World News Room : මැතිවරණ දූෂණයට එරෙහිව ඉම්රාන්ගේ පාක්ෂිකයෝ වීදි බසිති

News Room : මැතිවරණ දූෂණයට එරෙහිව ඉම්රාන්ගේ පාක්ෂිකයෝ වීදි බසිති

1
0

පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේදී ඡන්ද අක්‍රමිකතා සිදු වූ බවටත්, ඡන්ද මංකොල්ලයක් සිදු වූ බවටත් චෝදනා කරමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ හිතවාදීන් ඉස්ලාමාබාද් නුවර විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විරෝධතාවට එරට නීතිඥවරු විශාල පිරිසක් ද සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

විරෝධතා මැඬ පැවැත්වීම සඳහා අතිවිශාල පොලිස් බලඇණියක් යෙදවීමට පන්ජාබ් ප්‍රාන්ත මහඇමැති මේරියම් නවාස් නියෝග කර තිබූ බවත්, විරෝධතාවේ නිරත වූ පුද්ගලයන් 80කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය මාසයේ 8 වැනිදා පැවැති පාකිස්තාන මහමැතිවරණය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොවූ බව විරෝධතාවේ නිරත වූ ජනතාව ප්‍රකාශ කර ඇති අතර, ඒ පිළිබඳ විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස බල කරමින් සිටින බව ද වාර්තා වේ.

The post මැතිවරණ දූෂණයට එරෙහිව ඉම්රාන්ගේ පාක්ෂිකයෝ වීදි බසිති appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here