13
පොලිස් – සීආර් තරගයේ අවස්ථාවක් ඡායාරූපය – සුදත් නිශාන්ත
විස්මිත ක්‍රීඩා විලාසයක නිරත වූ පොලිස් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය ලකුණු 40-16කින් පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. පොලිස් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසාලන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ වසර 9කට පසුවය. ඊට පෙර අවසන් වරට 2015දී නිත්තවෙල පැවැති ක්ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගයට එක් වූ පොලිස් පිල එහිදී මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 77-7ක දැවැන්ත පරාජයක් අත්කර ගත්තේය.
ඊයේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැති අවසන් පූර්ව තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 23-16කින් පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයන් සටන්කාමී ක්‍රීඩා විලාසයක නිරත වීම කැපී පෙනුණු අතර, දෙවැනි භාගයේදී සීආර් පිලට කිසිදු ලකුණක් රැස් කිරීමට අවස්ථාව නොලැබිණි. ජයග්‍රාහී පොලිස් පිල තරගය පුරා ගෝල් 3ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කළ අතර, සීආර් පිලට රැස් කිරීමට හැකි වූයේ උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් පමණි.
පසුගිය වසරේ ක්ලිෆර්ඩ් කුසලානයේ හිමිකරුවන් වන සීආර් පිල මෙවර ලීග් තරගාවලියේ ශූරයන් වන අතර, පොලිස් පිල ලීග් තරගාවලියේ පලඟ ශූරතාව දිනාගත් කණ්ඩායම විය. ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (6) පස්වරුවේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය අතර තුරඟ තරග පිටියේදීම පැවැත්වේ.
ෆවුස් මොහොමඩ්