Home World News Room : අසාමාන්‍ය හිමපතනයත් ධාරානිපාත වර්ෂාවත් පාකිස්තානයේ 35කට මරු කැඳවයි

News Room : අසාමාන්‍ය හිමපතනයත් ධාරානිපාත වර්ෂාවත් පාකිස්තානයේ 35කට මරු කැඳවයි

1
0

පාකිස්තානයේ වයඹ දෙසින් පිහිටි කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ හටගත් අනපේක්ෂිත හිමපතනය සහ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සති අන්තයේදී මේ ඛේදවාචකය සිදු වී ඇති අතර, මියගිය පිරිස අතර දරුවන් 22 දෙනකු සිටින බව ද වාර්තා වේ.

අධික වර්ෂාවෙන් සිදු වූ නාය යෑම් හේතුවෙන් නිවාස රැසක් පොලොවට මිහිදන් වී ඇති අතර, ඉන් වැඩි දෙනකු මිය ගොස් ඇතැයි ද වාර්තා වේ. දේශගුණික විපර්යාස හේතුවෙන් මේ අසාමාන්‍ය හිමපතනය සිදු වන්නට ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

හිමපතනයත් සමඟ ඇද වැටුණු අධික වර්ෂාව නාය යෑමට හේතු වී ඇති අතර, නිවාස 150ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇතැයි ද, තවත් නිවාස 500කට අධික ප්‍රමාණයකට සුළු හානි සිදු වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here