Home Sport News Room : ප්‍රදීප් ප්‍රසන්න අරාබියේදී පදක්කම් දිනයි

News Room : ප්‍රදීප් ප්‍රසන්න අරාබියේදී පදක්කම් දිනයි

2
0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධානතම කායවර්ධන තරගාවලියක් වන අජ්මාන් ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියේ ක්ලැසික් බොඩි බිල්ඩිං අංශයේ රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ප්‍රදීප් ප්‍රසන්න පෙරේරා සමත්ව තිබේ. මේ දක්ෂතාව හේතුවෙන් ඔහුට සමස්ත තරගාවලියේ ලෝකඩ පදක්කම හිමි විය.

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එමින් ලත් මේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන සම්මේලනයේ (IFFB) එලයිට් ප්‍රෝ කාඩ්පත හිමිකර ගැනීමට ප්‍රදීප් ප්‍රසන්න සමත් වූ අතර, එම කාඩ්පත මැදපෙරදිග රටවලින් හිමි කර ගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය.

මෙයට පෙර එලයිට් ප්‍රෝ කාඩ්පත හිමිකර ගෙන ඇත්තේ දිලූප ඩයස් ය.

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here