Home Sport News Room : ජනාධිපති කුසලාන පාපන්දු අවසන් සටනට සාන්ත තෝමස්

News Room : ජනාධිපති කුසලාන පාපන්දු අවසන් සටනට සාන්ත තෝමස්

0
0

ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් සමත් විය.

ඔවුන් මේ තරගාවලියේ අවසන් මහා තරගයට එක්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

හමිඩියා අල් හුසෙන් විදුහල ද අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, දෙපිල අතර අවසන් තරගය මේ මස 7 වැනිදා පස්වරු 6.00ට සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සාන්ත තෝමස් කණ්ඩායම නාමොහොමඩ් මුත්තාන්ගේ නායකත්වයෙන් තරගයට එක් වන අතර උපනායකයා ලෙස නිකිල් ජේසුරන් කටයුතු කරයි. ප්‍රධාන පුහුණුකරු ප්‍රියංකර පෙරේරා සහ සහාය පුහුණුකරු ලෙස සුනිල් ශාන්ත යන මහත්වරු කටයුතු කරති.

හමිඩියා අල් හුසෙන් පිලේ නායකයා ලෙස එම්.එස්.එම්. පස්ලාන් සහ උපනායක ලෙස ජේ.එස්.එම්. රිසාන් කටයුතු කරන අතර කණ්ඩායම භාරව එම්. නිම්රාස් මහතා කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here