15
මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පැවැති තරගයක ජයග්‍රාහකයකුට ක්‍රීඩා ඇමැතිවරයා අතින් පදක්කම් පිරිනමමින්
මාතලේ නන්දිමිත්ර ඒකනායක කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය නවීකරණය කිරීම සඳහා මුල්ගල් තැබීම සහ නවීකරණය කළ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීම ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
අලුවිහාරේ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 48ක් වැය කර ඇති අතර, එය පිහිනුම් තටාකයකින්, ව්‍යායාම ශාලවකින්, ක්‍රීඩා මණ්ඩපයකින් සහ නව ධාවන පථයකින් යුක්තය. මේ උත්සවයේදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ වසරේ ජාතික ක්‍රීඩා තරගාවලිය මේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කරන බව පැවසීය.
මේ අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.