Home Sport News Room : 13න් පහළ තෙවැනි කොටසේ ශූරයෝ මාතර සාන්ත සර්වේෂස්

News Room : 13න් පහළ තෙවැනි කොටසේ ශූරයෝ මාතර සාන්ත සර්වේෂස්

0
0

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කළ අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර සාන්ත සර්වේෂස් විදුහල් ‘බී’ පිල සමත් විය.

පෙරේදා (28) කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී හම්බන්තොට සාන්ත මරියා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් සමඟින් ශූරයන් වීමට සර්වේෂස් පිලට හැකි විය. පාසල් කණ්ඩායම් 700කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මෙවර තරගාවලියේ අවසන් තරගයට දකුණු පළාතේ කණ්ඩායම් ද්විත්වයක් සුදුසුකම් ලැබීම කැපී පෙනිණි.

සා. සර්වේෂස් ‘බී’ පළමු ඉනිම – 149/9 (ඕවර 50) තේනුක නිසලිත 49, මොකිත තෙදින් 34 (ලෙතිඳු කාංචන 18/4, තනුල එෂ්මික 32/3)

සා. මරියා පළමු ඉනිම – 70 (ඕවර 29.2) (විමාෂ බිම්සර 10/5, තෙසත් දෙව්රම් 9/2, සිතික දුල්නිත 16/2)

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here