5
ලෝක පළමුපෙළ ක්‍රිකට් ඉතිහාසයේ වසර 78ක් පැරැණි වාර්තාවක් සම කිරීමට ඉන්දියාවේ තුෂාර් දේශ්පාන්ඩේ සහ තනූෂ් කොටියාන් සමත් වූහ. මුම්බායි ප්‍රාන්ත පිල නියෝජනය කරන මේ දෙදෙනා රංජි කුසලාන තරගාවලියේ බරෝඩා ප්‍රාන්ත පිල සමඟ පසුගියදා පැවැති තරගයේදී එම ලෝක වාර්තා සම කරනු ලැබුවේ අංක 10 සහ 11 ස්ථානවලින් පිටියට පිවිස ශතකය බැගින් රැස් කරමිනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ද ඉන්දීය ක්රීඩකයන් දෙදෙනකු වීම විශේෂත්වයකි. 1946 වසරේ සරේ ප්‍රාන්ත පිලට එරෙහිව එංගලන්තයේ පැවැති තරගයකදී ඉන්දීය පිල වෙනුවෙන් අවසන් පිතිකරු යුගලය වූ චන්දු සර්වාට් සහ ෂූට් බෙනර්ජි ශතක රැස් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණි.
රංජි කුසලාන ඉතිහාසයේ අවසන් පිතිකරු යුගලයම ශතක වාර්තා කළ පළමු අවස්ථාව ලෙසත් තුෂාර් සහ තනූෂ් වාර්තා පොතට එක් වු අතර, දෙදෙනා 10 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැඟූ ලකුණු 232ක සම්බන්ධතාවක් ගොඩ නැඟිණි. එය රංජි කුසලාන ඉතිහාසයේ අවසන් කඩුල්ලේ ඉහළම සම්බන්ධතාව බවට කිරීම මඟ හැරී ගියේ ලකුණු 2 කිනි. ඊට පෙර 1992 රංජි කුසලාන තරගාවලියේදී අජේ ජඩේජා සහ මනින්දර් සිං ලකුණු 233ක සම්බන්ධතාවක් ගොඩනඟා තිබිණි.
ෆවුස් මොහොමඩ්