Home Sport News Room : රත්න­පුර වංශා­ධි­ප­ති­වරු සති අන්තයේ ක්‍රිකට් සංග්‍රාම භූමියේ

News Room : රත්න­පුර වංශා­ධි­ප­ති­වරු සති අන්තයේ ක්‍රිකට් සංග්‍රාම භූමියේ

38
0

රත්න­පුර නව නගර කුමර විදු­හල් කණ්ඩා­යම: ඉදිරි පෙළ (වමේ සිට) – මධුක එදි­රි­සිංහ, මුදිත දමිත්, හන්සක ලෝරන්ස්, ඩිල්සර උදාන, කේ.එන්. කරු­ණා­රත්න (නි. විදු­හ­ල්පති), මාපා මිලින්ද (සහාය පුහු­ණු­කරු), චමින්ද සුපුන් (ප්‍රධාන පුහු­ණු­කරු), පිය­සිරි පති­රගේ (විදු­හ­ල්පති), ගයාන් තිල­ක­රත්න (ක්‍රීඩා අංශ ප්‍රධාන), නිමේෂ් වීර­සිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), ඔවිඳු රාජ­පක්ෂ (නායක), මලීෂ තේජාන්, මොහො­මඩ් මින්රාර්, මොහො­මඩ් රියාස්, පසු පෙළ – සතික දම්සිත්, සිතුම් දිදු­ලංක, යසික දිල්ශාන්, මධු­රංග ධර්ම­දාස, නිම්න සිහි­ලැල්, කහාන් දන්තුල, ගිම්හාන් ආදිත්‍ය, කෝකිල ගයන, මිහි­රංග කෝසල, පසිඳු මල්ෂාන්, තිනුක රාජ­පක්ෂ, නිපුන් ලක්ෂිත, වරුණ කල්හාර.

රත්න­පුර සාන්ත ඇලෝ­සි­යස්, නව නගර කුමර විදු­හල් අතර පැවැ­ත්වෙන වංශා­ධි­ප­ති­ව­රුන්ගේ ක්‍රිකට් සටන වාර්ෂික දෙදින ක්‍රිකට් තර­ගය මේ සති අන්තයේ (මාර්තු මස 1 හා 2) රත්න­පුර මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

තෙවැනි වරට සංවි­ධාන වන මෙවර තර­ග­යේදී සාන්ත ඇලෝ­සි­යස් ජාතික පාසල් කණ්ඩා­යම තුෂිත අනු­හස් විසින් ද කුමර මහා විදු­හල් කණ්ඩා­යම ඔවිඳු රාජ­පක්ෂ විසින් ද මෙහෙ­ය­වනු ලබති.

මෙතෙක් පැවති තරග දෙකම ජය පරා­ජ­යෙන් තොරව නිමා වූ හෙයින් මෙවර තර­ගය ජය ගනි­මින් මංගල ශූර­තාව හිමි කර ගැනී­මට දෙපි­ලම පූර්ණ සූදා­න­ම­කින් පසු වෙයි. කණ්ඩා­යම් ද්විත්ව­යේම දක්ෂ ක්‍රීඩ­ක­යන් සිටින බැවින් ඔවුන් සිය උප­රිම දක්ෂතා අත­රට පැමි­ණී­මට සූදා­නම් බවත් එම නිසා තියුණු තර­ග­යක් දැක ගැනී­මට අව­ස්ථාව හිමි වන බවත් කණ්ඩා­යම් ද්විත්වයේ පුහු­ණු­ක­රු­වන් මෙන්ම නාය­ක­යන් දෙපළ ද කියා සිටි­යහ.

තර­ගය සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත් කිරීමේ මාධ්‍ය හමු­වක් පසු­ගි­යදා රත්න­පුර කේතු­මතී උත්සව ශාලා­වේදී පැවති අතර එහිදී රත්න­පුර නව නගර කුමර විදු­හලේ විදු­හ­ල්පති පිය­සිරි පති­රගේ මහතා පැව­සුවේ මේ පාසල් ද්විත්ව­යේම අති දක්ෂ ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­නකු සිටින බැවින් ඔවු­න්ගෙන් එක් අයකු හෝ  ඉදි­රි­යේදී ජාතික ක්‍රිකට් කණ්ඩා­යමේ ක්‍රීඩා කරනු දැකීම සැමගේ එකම ප්‍රාර්ථ­නය බවයි. මේ ක්‍රිකට් තර­ගය රත්න­පුරේ පැවැ­ත්වෙන ප්‍රධා­න­තම ක්‍රිකට්  තර­ගය බැවින් එය දිව­යිනේ අන් සියලු පාස­ල්ව­ලට හා ක්‍රීඩ­ක­යන්ට ආද­ර්ශ­යක් වන ලෙස පැවැ­ත්වී­මට සියලු දෙනාගේ සහ­යෝ­ගය අත්‍ය­වශ්‍ය බව ද විදු­හ­ල්ප­ති­ව­රයා කියා සිටි­යේය.

රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ ඇති ප්‍රධාන පිරිමි පාසල් දෙක මේ පාසල් දෙක බැවින් තර­ගය නැර­ඹී­මට විශාල පිරි­සක් සහ­භාගී වීමට නිය­මිත බවත්, සියලු සිසුන් මේ දක්වා පව­ත්වා­ගෙන ආ පාසල් ද්විත්වයේ විනය ආරක්ෂා වන පරිදි ක්‍රියා කළ යුතු බවත් රත්න­පුර සාන්ත ඇලෝ­සි­යස් ජාතික පාසලේ විදු­හ­ල්පති ඩී. එම්. මද්දුම බණ්ඩාර මහතා මෙහිදී පැව­සීය.

කුරු­විට – කේ.ඒ. සුනිල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here