Home Sport News Room : පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ ආර­ක්ෂක සැල­සුම් උස්සලා

News Room : පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ ආර­ක්ෂක සැල­සුම් උස්සලා

1
0

පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ ආර­ක්ෂක විධි­වි­ධාන අඩංගු ලිය­කි­ය­විලි සහිත බෑග­යක් ‘ගෙයා ඩූ නෝර්ඩ්’ දුම්රිය ස්ථාන­යේදී සොරා ගැනී­මත් සමඟ එළ­ඹෙන ඔලි­ම්පික් ආර­ක්ෂක සැල­සුම් සැල­කිය යුතු පසු­බෑ­ම­කට ලක්ව ඇතැයි වාර්තා වේ. පැරිස් නගර ශාලාවේ ඉංජි­නේ­රු­වකු ඔලි­ම්පික් ආර­ක්ෂක විධි­වි­ධාන අඩංගු තම පරි­ග­ණ­කය සහ දත්ත ගබඩා කිරීමේ උපාංග 2ක් (USB flash drive) සමඟ පෙරේදා (27) දින දුම්රි­යෙන් ගමන් කිරීම්දී මේ සොර­කම සිදුව තිබේ.

පැරිස් පොලි­සිය වහාම සොර­කම් කරන ලද පරි­ග­ණ­කය සහ දත්ත ගබඩා කිරීමේ උපාංග සොයා ගැනී­ම­ටත්, ඔලි­ම්පික් උලෙළේ ආර­ක්ෂක රාමු­වට සිදු විය හැකි හානිය අවම කිරී­ම­ටත් පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කොට ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් එම ස්ථානයේ තිබූ සීසී­ටීවී දර්ශන පරීක්‍ෂා කර­මින් අප­රා­ධ­ක­රු­වන් සොයා ගැනී­මට කට­යුතු කොට ඇති අතර, හඳු­නා­ගත් සාක්ෂි­ක­රු­ව­න්ගෙන් ප්‍රකාශ සට­හන් කර­ග­නි­මින් සිටී.

ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ සංවි­ධාන කට­යුතු සැල­සුම් කිරීමේ එක් කොට­සක් භාරව සිටි ඉංජි­නේ­රු­ව­රයා, දුම්රි­යට නැඟ ඔහුගේ ආස­න­යට ඉහ­ළින් ඇති ගමන් මලු තබන රාක්කයේ පරි­ග­ණ­කය සහිත බෑගය තබා ඇත. දුම්රිය ප්‍රමාද වන බව දැන­ගත් පසු වෙනත් දුම්රි­ය­කට මාරු­වී­මට සූදා­නම් වෙද්දී බෑගය අතු­රු­දන්ව තිබූ බව ඉංජි­නේ­රු­ව­රයා පොලි­සි­යට පවසා තිබේ. පැරිස් නගර ශාලාවේ ඔලි­ම්පික් උලෙළ සඳහා වන ආර­ක්ෂක සැල­සුම් පරි­ග­ණ­කයේ තිබූ බවත්, පොලිස් නිල­ධා­රීන් 2,000ක් පමණ නගර ශාලාවේ රාජ­කා­රි­ව­ලට යොදවා ගන්නා අයුරු ඇතු­ළත් ආර­ක්ෂක විධි­වි­ධාන එහි අඩං­ගුව තිබූ බවත් ඔහු පොලි­සි­යට පවසා තිබේ.

ලබන ජුලි 26 වෙනිදා ආරම්භ වන 2024 ඔලි­ම්පික් උලෙළ වෙනු­වෙන් ප්‍රංශ බල­ධා­රීන් පුළුල් ආර­ක්‍ෂක සැලැ­ස්මක් නිර්මා­ණය කොට ඇති අතර, ඒ වෙනු­වෙන් ප්‍රංශ රජය, අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 350ක් වෙන් කරන ලදී. සමා­ර­ම්භක දිනයේ අග­නු­ව­රට රැස්වන ප්‍රේක්ෂ­ක­යන්ගේ ආර­ක්ෂාව වෙනු­වෙන් ආර­ක්ෂක නිල­ධා­රීන් 45,000ක් පමණ යෙද­වී­මට නිය­මිත අතර ඉන් අන­තු­රුව අගෝස්තු 11 වැනිදා දක්වා පැවැ­ත්වෙන තර­ගා­ව­ලිය වෙනු­වෙන් ආර­ක්ෂක නිල­ධා­රීන් 35,000ක් යෙද­වී­මට අපේක්ෂා කෙරේ.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here