Home Sport News Room : විස්සයි20 වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව අලුත් වෙයි

News Room : විස්සයි20 වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව අලුත් වෙයි

0
0

එතෙක් මෙතෙක් වේගවත්ම විස්සයි20 ශතකයේ ලෝක වාර්තාව අත්කර ගැනීමට නැමීබියාවේ ජැන් නිකොල ලොෆ්ටි ඊටොන් සමත් විය. නේපාලයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියක් අතරතුර ඔහු මේ වාර්තාව තැබුවේ පන්දු 33කින් ශතකය රැස් කරමිනි. නේපාලයට එරෙහිව පැවති එම තරගයේදී ඔහු විසින් බිඳ දමනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බරයේදී නේපාලයෙහිම කුෂාල් මල්ලා මොංගෝලියාවට එරෙහිව පන්දු 34කින් රැස් කළ ශතකයේ ලෝක වාර්තාවය.

නැමීබියාවට ලකුණු 20ක ජයක් හිමි වූ නේපාල තරගයේදී ඊටොන් පන්දු 36කින් ලකුණු 101ක් රැස් කළ අතර, ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය. ඔහුගේ ලකුණු සංඛ්‍යාවෙන් 92ක්ම වාර්තා වූයේ හයේ, හතරේ පහරවලිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here