Home Sport News Room : එළියකන්ද කඳු තරණයේ ජය විරේන්ට

News Room : එළියකන්ද කඳු තරණයේ ජය විරේන්ට

0
0

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ සභාපති අෂ්හාර් හමීම් මහතා අතින් විරේන් බොතේජු කුසලානය ලබා

ගනිමින්.

සර්දන් මෝටර් රථ ක්‍රීඩා සමාජය වාර්ෂිකව සංවිධාන කරන එළියකන්ද කඳු තරණයේ සියලු ගෞරව දිනා ගැනීමට විරේන් බෝතේජු සමත් විය. 28 වැනි වරටත් පැවැති එළිය කන්ද කඳු තරණයට මෙවර තරග ඉසව් 30ක් ඇතුළත් වූ අතර, ඉන් තරග ඉසව් 15ක් යතුරුපැදි තරග ඉසව් 15ක් සහ මෝටර් රථ තරග ඉසව් 15ක් ඊට එක් විය.

3500 සී.සී. එස්.එල්./ජී.ටී මෝටර් රථ තරග ඉසව්වෙන් විරේන් බොතේජු දක්ෂතම රියැදුරු හා දිනයේ වේගවත්ම කාලය වාර්තා කළ රියැදුරා ලෙස අභිෂේක ලැබූ අතර, දක්ෂතම ධාවකයා ලෙස ඉසුරු මධුරංග කුසලානය දිනා ගත්තේය. ඔහු සුපර් මෝටාඩ් 175සී.සී./ 250 සී.සී.තරග ඉසව්ව ජය ගනිමින් එම සම්මානයට පාත්‍ර විය.

රජිත උළුවිටිගේ හා සකීර් වහාබ් මෝටර් රථ තරග ඉසව් දෙක බැගින් ජයගත් අතර, ඩැරන් වීරසිංහ, ප්‍රසන්න රාජකුලේන්ද්‍ර, නාමල් සිල්වා, කුෂාන් පිරීස්, මේනක සඳරුවන්, චානක රත්නායක, දහම් ජයරත්න, ඇන්ටන් සනුක, අහමඩ් සෆ්රාන් හා සංගීත් සූරියගේ සෙසු තරග ජය ගැනීමට සමත් වූහ. යතුරුපැදි තරග ඉසව් දෙක බැගින් ජය ගැනීමට සුපුන් සුරාජ් හා සරත් කුමාරසිංහ සමත්වූ අතර, සෙසු යතුරුපැදි ඉසව්වලින් ගිහාන් සංජීව, ජනක දිනේෂ් ප්‍රියංකර, නදීශ් ධනුෂ්ක, විජය කුමාර ගනේෂන්, නිපුන ඩිලංක, සුපුන් සුරාජ්, රීෂා ඔඩයා, සුදේශ් ජයලත්, සරත් කුමාරසිංහ , මහේල් පවිත්‍ර, සංගීත් සූරියගේ හා සරත් කුමාරසිංහ ජය ලැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here