Home Sport News Room : ලොව වේගවත්ම 20යි 20 ශතකය නැමීබියාවෙන්

News Room : ලොව වේගවත්ම 20යි 20 ශතකය නැමීබියාවෙන්

0
0

ලොව වේගවත්ම 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩක ජෑන් නිකොල් ලොෆ්ටි ඊතන් අද(27) සමත් විය.

ඔහු නේපාලයට එරෙහිව පැවති තරගයකදී පන්දු 33කින් ශතකය වාර්තා කරමින් මෙම දක්ෂතාව දැක්වීය.

ඒ අනුව ඔහු මෙම තරගයේ දී ලකුණු 101ක් පන්දු 33ක් තුළ වාර්තා කළ අතර මෙම වේගවත් ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ඇතුලත් වුණි.

එතෙක් එම වාර්තාව හිමිකරගෙන සිටි නේපාලයේ කුශාල් මල්ලා ද සහභාගී වී සිටීම විශේෂත්වය කි. කුශාල් 2023 වර්ෂයේ දී පන්දු 34ක දී ලකුණු 100ක් රැස්කරගෙන ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ශතකයේ හිමිකරුවා බවට පත්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here