Home Sport News Room : මාලි­ගා­වත්ත යූත් 3-1කින් යංග් සිල්වර් පර­ද­වයි

News Room : මාලි­ගා­වත්ත යූත් 3-1කින් යංග් සිල්වර් පර­ද­වයි

0
0

යොවුන් පාපන්දු ක්‍රීඩ­ක­යින්ගේ දක්ෂතා ඉදි­රි­යට ගැනීමේ අර­මු­ණින් සිටි පාපන්දු ලීගය තෙවැනි වර­ටත් සංචි­ධා­නය කරන ‘යූසුප් කුස­ලාන‘ 19න් පහළ පාපන්දු තර­ගා­ව­ලියේ මාලි­ගා­වත්ත යූත් හා යංග් සිල්වර් අතර තර­ග­යෙන් මාලි­ගා­වත්ත යූත් ක්‍රීඩ­කයෝ ගෝල් 3-1ක ජයක් වාර්තා කළහ. කොළඹ සිටි පාපන්දු පිටි­යේදී පසු­ගිය සති අන්තයේ පැවැති මෙම තර­ග­යෙන් පසු මාලි­ගා­වත්ත යූත් හා යංග් සිල්වර් යන කණ්ඩා­යම් දෙකම අර්ධ අව­සන් වට­යට සුදු­සු­කම් ලබා ගත්හ. ඔවුන්ගේ කාණ්ඩයේ සිටි කොළඹ සිටි පාපන්දු සමා­ජය විනය හේතු මත තර­ගා­ව­ලි­යෙන් ඉව­තට ගිය බැවින් මාලි­ගා­වත්ත යූත් හා යංග් සිල්වර් යන කණ්ඩා­යම් දෙකට අර්ධ අව­සන් වට­යට පිවි­සීම පහසු විය.

ජාවා­ලේන් හා රින­වුන් යන කණ්ඩා­යම් අතර පැවැති තර­ගයේ ජය දඬුවම් පහර මඟින් ජාවා­ලේන් පිලට හිමි විය. මෙම තර­ගා­ව­ලියේ පසු­ගිය වසර දෙකේ­දීම ශූර­තාව දිනා­ගත් ජාවා­ලේන් පිල සමඟ රින­වුන් කණ්ඩා­යම ද මේ වන­විට අර්ධ අව­සන් වට­යට සුදු­සු­කම් ලබා සිටී.

මූලික වටයේ පැවැති තවත් තර­ග­ය­කදී මොර­ග­ස්මුල්ල හා වැල්ල­වත්ත කුරේ යන ක්‍රීඩා සමාජ අතර, තර­ග­යෙන් ගෝල් 2-0ක ජයක් මොර­ග­ස්මුල්ල පිලට හිමි විය. සෝන්ඩර්ස් හා කොළඹ පාපන්දු සමා­ජය අතර තර­ගය ගෝල් 1-1ක් ලෙස ජය පරා­ජ­යෙන් තොරව නිමා­වට පත් විය.

මෙම තර­ගා­ව­ලියේ ලීග් වටයේ අව­සන් තරග කිහි­පය ලබන සති අන්තයේ පැවැ­ත්වෙන බැවින් අර්ධ අව­සන් වට­යට පිවි­සෙන ඉතිරි කණ්ඩා­යම් ඉදි­රි­යේදී තීර­ණය කෙරෙනු ඇත.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here