Home Sport News Room : නවසීලන්ත සුපිරි ක්‍රීඩක නීල් වැග්නර් පිටියට සමුදෙයි

News Room : නවසීලන්ත සුපිරි ක්‍රීඩක නීල් වැග්නර් පිටියට සමුදෙයි

1
0

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබේ.

ඒ, එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරඟාවලිය සඳහා XI කණ්ඩායමට ඔහුව තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟිනි.

තමාව ටෙස්ට් තරගාවලිය සඳහා නම් නොකිරීම සම්බන්ධයෙන් වැග්නර්, පසුගිය සතියේ පුහුණුකරු ගැරී ස්ටෙඩ් සමඟ වාද කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

37 හැවිරිදි වැග්නර්, ටෙස්ට් තරග 64කට සහභාගී වී කඩුලු 260ක් දවා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here