Home Sport News Room : චමීරට සති 4ක් ක්‍රිකට් බෑ

News Room : චමීරට සති 4ක් ක්‍රිකට් බෑ

0
0

 

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති 4ක කාලයක් විවේක ගන්වා ඇති හෙයින් බංග්ලාදේශ තරග සංචාරය අහිමි වේ. ඒ වෙනුවට අසිත ප්‍රනාන්දුට ශ්‍රී ලංකා පිලේ දොරටු විවර වේ.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පල්ලෙකැලේ පිටියේ පැවති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 42ක ජයග්‍රහණයක් ලබාගත් අතර, 38 වැනි ඕවරයේ තෙවැනි පන්දුව යැවීමෙන් අනතුරුව චමීරගේ පාදයේ ආබාධයක් ඇති විය. මේ හේතුවෙන් ඔහුට විවේක ගැනීම උදෙසා වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී වළලුකර ආබාධයකට ලක්වී ඔහු ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, පපුව පෙදෙසේ ඇතිවූ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියද අහිමි වී ගියේය. එයින් පසු ඉන්දියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය මැද දී ඔහු එක් විය.

දුෂ්මන්ත චමීර ලබන මාර්තු මාසයේ ආරම්භ වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ද තෝරා ගෙන ඇත.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here