17
ස්පාඤ්ඤයේ වැලෙන්සියා නුවර නිවාස සංකීර්ණයක පෙරේදා හටගත් ගින්නෙන් පුද්ගලයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තවත් පුද්ගලයන් 20ක් පමණ අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අතුරුදන් වූ බව කියන පුද්ගලයන් ගින්නට හසුවන්නට ඇතැයි ගිනි නිවන ඒකකය අනුමාන කර ඇතැයි ද වාර්තා වේ. අතුරුදන්වූ පිරිස අතර 3 හැවිරිදි දරුවකු සහ දින 15ක් වයසැති බිලිඳකු සිටින බව ද වාර්තා වේ. පිලිස්සුම් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 14 දෙනකු මුදා ගැනීමෙන් පසු රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වැලෙන්සියා නුවර හදිසි ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානියා මාධ්‍යයට සඳහන් කර ඇත්තේ ගින්න පාලනය කිරීමට ගිනි නිවන ඒකකයට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බවය. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් මුදා ගැනීමට ආරම්භ කළ මෙහෙයුම අතරතුර
නිලධාරීන් කිහිපදෙනකු ද තුවාල ලැබූ බව වාර්තා වේ.
මහල් 14කින් සමන්විත එම නිවාස සංකීර්ණය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගිනි ජලාවෙන් නැඟුණු දුමාරය වැලෙන්සියා නුවර ඉහළ අහස අඳුරු කර දැමූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.