18
පාකිස්තානයේ පසුගිය මහමැතිවරණය අවුල්සහගත බව එරට හිටපු අගමැතිවරයකු වන ෂාහිඩ් අබ්බාසි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ බලය අත්පත් කරගැනීමට පවතින දේශපාලන ගැටුම ජනතාවටත් රටටත් හානිදායක බව ද හිටපු අගමැතිවරයා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පවතින තත්ත්වය යටතේ බලයට පත්වන ඕනෑම අයකුට ජාතික අභියෝග විසඳීමට හැකියාවක් නැතැයි ද, මැතිවරණය අවුල්සහගත වනු ඇතැයි තමා මීට පෙර අනාවැකි පළ කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙවැනි පසුබිමක් මත මෙවර මහමැතිවරණයට තරග නොකිරීමට තීරණය කිරීම ගැන සෑහීමකට පත් බවත් තමා දේශපාලනයෙන් ඉවත්වූ බව ඉන් අදහස් නොකරන බවත් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට මැතිවරණ උණුසුම පහව ගොස් ඇති බැවින් රටේ අනාගතය උදෙසා නව රජයක් පිහිටුවීමට කඩිනම් පියවර ගත යුතු බවත් හිටපු අගමැති අබ්බාසි වැඩිදුරටත් සඳහන් කර ඇත. වර්තමානයේ පාකිස්තානයේ පවතින අභියෝග ජයගැනීමට සියලු දේශපාලන නායකයන් සාමූහිකව ක්‍රියාමාර්ග ගත යුතු බව ද ෂාහිඩ් අබ්බාසි යෝජනා කර ඇතැයි වාර්තා වේ.