Home Sport News Room : නිපුන්ගේ මංගල ශත­කය කොළඹ අර්ධ ශතක ත්‍රිත්ව­යට යට වෙයි

News Room : නිපුන්ගේ මංගල ශත­කය කොළඹ අර්ධ ශතක ත්‍රිත්ව­යට යට වෙයි

0
0

නිපුන් කරු­ණා­නා­යක ‘ඒ’ කාණ්ඩයේ තර­ග­ය­කදී රැස් කළ මංගල ශත­කය අපතේ යව­මින් එන්එ­ස්එල් එක්දින ක්‍රිකට් ආරම්භ කර­මින් ඊයේ පැවති තර­ග­ය­කදී යාප­නය කණ්ඩා­යම පර­දවා කඩුලු 3ක ජයක් අත්කර ගැනී­මට කොළඹ කණ්ඩා­යම සමත් විය.

එන්එ­ස්එල් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් යාප­නය කණ්ඩා­යම කඩුලු 6ක් දැවී ලකුණු 310ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය කොළඹ ක්‍රීඩ­කයෝ පන්දු 15ක් ඉති­රිව තිබි­යදී ජය හිමි කර ගත්තේ කඩුලු 7ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

කොළඹ ඉනිමේ මුල් කඩුලු 2ක ලකුණු 22ක් තුළ බිඳ වැටු­ණද අංක 5 පිති­කරු ලෙස පිටි­යට පිවිසි අශේන් බණ්ඩාර අර්ධ ශතක සබ­ඳතා දෙකක් සමඟ ඉනිම ගොඩ­නැ­ඟීය. ඉන් පෙර තෙවැනි කඩුල්ල වෙනු­වෙන් ක්‍රිෂාන් සංජුල සහ නුව­නිඳු ප්‍රනාන්දු ලකුණු 97ක සබ­ඳ­තා­වක් ගොඩ­නැඟූ අතර, සංජුල ලකුණු 47කටත්, නුව­නිඳු ලකුණු 61කටත් දැවී ගියහ.

5 වැනි කඩු­ල්ලට විසාඩ් රන්දික සමඟ එක්ව ලකුණු 73ක් එක්කළ අශේන් බණ්ඩාර 8 වැනි කඩු­ල්ලට තරිඳු රත්නා­යක සමඟ ලකුණු 78ක නොබි­ඳුණු සබ­ඳ­තා­වක් පිහි­ටු­වීය. රන්දික ලකුණු 54ක් සහ තරිඳු නොදැවී ලකුණු 37ක් රැස් කළ අතර, අශේන් නොදැවී ලකුණු 80ක් රැස් කළේ පන්දු 66කදී හතරේ පහර 10ක් සම­ඟිනි.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් යාප­නය පිල වෙනු­වෙන් හසිත බෝය­ගොඩ හතරේ පහර 10ක් සහ හයේ පහ­රක් සමඟ පන්දු 91කින් ලකුණු 86ක් රැස් කළ අතර, ‘ඒ’ කාණ්ඩයේ තර­ග­ය­කදී සිය මංගල ශත­කය රැස් කිරී­මට නිපුන් කරු­ණා­නා­යක සමත් විය.

හසිත බෝය­ගොඩ සමඟ ලකුණු 97ක් ඉනි­මට එක් කළ නිපුන්, ජනිත් ලිය­නගේ (15) සම­ඟින් ලකුණු 53ක සබ­ඳ­තා­වක් පිහි­ටු­වූ­වේය. ඉනිම නිමා වන විට පන්දු 119කට මුහුණ දී තිබූ නිපුන් හතරේ පහර 8ක් සම­ඟින් නොදැවී ලකුණු 108ක් රැස් කර තිබිණි.

පළමු පෙළ තරග 104ක් ක්‍රීඩා කර­මින් ද්විත්ව ශත­ක­යක් ද සමඟ ශතක 10කට හිමි­කම් කියන 33 හැවි­රිදි නිපුන් කරු­ණා­නා­යක ‘ඒ’ කාණ්ඩ­යෙන් ශත­ක­යක් රැස් කළේ සිය 59 වැනි තර­ග­යේ­දීය.

මේ අතර එන්එ­ස්එල් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ පැවති පළමු තර­ග­යෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරී­මට මහ­නු­වර කණ්ඩා­යම සමත් විය.

පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ගාල්ල පිල ලකුණු 146කට සීමා කළ මහ­නු­වර ක්‍රීඩ­කයෝ ඕවර 23.2කදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ කඩුලු 2ක් දැවී තිබි­ය­දීය.

කමිල් මිෂාර නොදැවී ලකුණු 66ක් සහ චමෝද් සඳරු නොදැවී ලකුණු 33ක් රැස් කර­මින් මහ­නු­වර ජය තහ­වුරු කළහ.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ගාල්ල පිල වෙනු­වෙන් ශෙහාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 66ක් රැස් කළ අතර, වෙනත් කිසිදු පිති­ක­රු­ව­කුට ලකුණු 20 සීමා­වට පිවි­සී­මට මහ­නු­වර පන්දු යව­න්න­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බිණි. ඉන් මුල් පෙළ පිති­ක­රු­වන් 6 දෙනා සමඟ පිති­ක­රුවෝ 7කටම ලකුණු 10 පසු කිරී­මට නොහැකි වූහ. පන්දු යැවී­මේදී ළහිරු කුමාර කඩුලු 3ක් සහ චාමික ගුණ­සේ­කර කඩුලු 2ක් දවා ගත්හ.

තර­ගා­ව­ලියේ දෙවැනි දිනය යටතේ මේ 26 වැනිදා කොළඹ – දඹුල්ල පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේ­දීත්, මහ­නු­වර – යාප­නය දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේ­දීත් තරග වැදී­මට නිය­මි­තය.

කොළ­ඹට ජය

යාප­නය – 310/6 (ඕවර 50) නිපුන් කරු­ණා­නා­යක නොදැවී 108, හසිත බෝය­ගොඩ 86 (කසුන් රාජිත 62/2)

කොළඹ – 312/7 (ඕවර 47.3) අශේන් බණ්ඩාර නොදැවී 80, නුව­නිඳු ප්‍රනාන්දු 61, විසාඩ් රන්දික 54, ක්‍රිෂාන් සංජුල 47, තරිඳු රත්නා­යක නොදැවී 37 (ශිරාන් ප්‍රනාන්දු 47/2, ප්‍රමෝද් මධු­ෂාන් 57/2)

මහ­නු­ව­රට ජය

ගාල්ල – 146 (ඕවර 44.4) ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 66 (ළහිරු කුමාර 31/3, චාමික ගුණ­සේ­කර 17/2)

මහ­නු­වර 147/2 (ඕවර 23.2) නිරෝෂන් දික්වැල්ල 30, කමිල් මිෂාර නොදැවී 66, චමෝද් සඳරු නොදැවී 33

නිරෝ­ෂාන් ප්‍රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here