Home Politics News Room : වතු ජනතාව ගැන වැරැදි ප්‍රකාශ කළ නිලධාරියාගේ වැඩ තහනම් කළ යුතුයි

News Room : වතු ජනතාව ගැන වැරැදි ප්‍රකාශ කළ නිලධාරියාගේ වැඩ තහනම් කළ යුතුයි

0
0

මෙරට වතු ආශ්‍රිතව පිරිමි ප්‍රජාව සවස දෙක වනවිට මත්පැන් පානය කරන බවට කළ ප්‍රකාශය අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ වැඩ තහනම් කර ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 22 ) ප්‍රකාශ කළේය.

තමන්ගේ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් වෙනත් නිවසකින් විදුලිය ලබා ගැනීමට යාමේ දී විදුලි සැර වැදී වතුකරයේ පියෙක් මිය යාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙම මාධ්‍ය ප්‍රකාශකයා එම දරුවන්ට කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගත හැකි බවට කළ ප්‍රකාශය ද විපක්ෂ නායකවරයා දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

මෙම මාධ්‍ය ප්‍රකාශක සමස්ත වතු ප්‍රජාවම අපහාසයට ලක් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ මහතා කීවේය.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here