Home Politics News Room : රට අගාධයෙන් මුදා ගත් නායකයා හැර වෙන නායකයකුට ඉඩ...

News Room : රට අගාධයෙන් මුදා ගත් නායකයා හැර වෙන නායකයකුට ඉඩ නෑ – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

1
0

නිසි වෙලාවට ජනාධිපතිවරණය පවත්වන බවත් ඒ සඳහා සූදානම් වන ලෙසත් වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

රට අගාධයෙන් මුදා ගත්, රටේ ආර්ථිකය නිසි මගට හැරවූ නායකයා හැර වෙනත් නායකයෙකුට ඉඩක් නොමැති අතර නිසි තීන්දුව ගැනීමට මෙරට ජනතාව බලා සිටින බවත් ඇමතිවරයා පැවසීය.

බොරු කතා කියමින් දේශපාලන පොර පිටියේ රැඳී සිටීමට විපක්ෂය උත්සාහ ගන්නා බවත් රටේ ව්‍යාවස්ථාව අනුව ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

ජනතාව සෑම විටම තෝරා ගන්නේ ප්‍රථිපල පෙන් වූ නායකයෙක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

විපක්ෂ නායකවරයා හැමදාම ඇවිත් එකම දෙය කියනවා. නමුත් නායකත්වය කියන්නේ අනෙක් දෙවන පෙළට අවස්ථාව දෙන එක. විපක්ෂයට අද මාතෘකා නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here