69
රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරී ඇති බැවින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද සතුටින් සැමරීම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කරන ලෙස ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
ඩොලරය අඩුවීමත් සමඟ ආනයනය කරන සෑම භාණ්ඩයකම මිලද අඩු වන බැවින් භාණ්ඩ මිල මෙන්ම අරක්කු මිලද සිංහල අලුත් අවුරුදු සමයේදී අඩු කළ යුතු බවද ඇමැතිවරයා පැවසීය.
වසරේ දින 365 පුරාම කසිප්පු බොන ජනතාවට සිංහල අලුත් අවුරුද්දටවත් ගල් අරක්කු පානය කළ යුතු බවද ඇමැතිවරයා පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
අද දවස පුරා රටේ, ජනතාවගේ මුදල් නාස්ති කරමින් මේ විවාදය සිදු කළත් යෝජනාව ඉදිරිපත් කළ තුෂාර ඉඳුනිල් මන්ත්රීවරයාවත් සභාවේ නැහැ. නමුත් ජනාධිපතිවරු හදන්නයි කතා කරන්නේ. මේ වගේ පිරිසක් එක්ක ගියොත් සජිත් ප්‍රේමදාස මහතාත් සදා සොත්ති. යෝජනාව ඉදිරිපත් කළෙත් බොහොම අමාරුවෙන්. යෝජනාව ඉදිරිපත් කරන්න ආවෙත් ප්‍රමාද වෙලා. ප්‍රාදේශීය සභාවල අපි ඉන්න කාලෙවත් මෙහෙම දේවල් වුණේ නැහැ. මෙහෙම විපක්ෂයක් තමයි රටේ බලය ගන්න හදන්නේ.
රටේ වත්මන් තත්ත්වය ගැන මේ අය කතා කරනවා. සජබෙ එක්කෙනෙක්වත් නැහැ. පහුගිය කාලේ ඩොලර් හොයා ගන්න බැරි වුණා. දැන් වැඩිම පිරිසක් විදෙස් සංචාරවල නිරත වෙන්නේ සජබෙ අය. දැන් රටේ තත්ත්වය හොඳවෙනකොට විදෙස් සංචාරවල නිරත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් රටේ තත්ත්වය හොඳයි. පසුගිය කාලේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. වත්මන් තත්ත්වය හොඳයි. නමුත් අතීතය තිබුණ විදිහ අපි දන්නවා. අමාරුකම් තිබුණා. ඩොලරය 420 වුණා. ගෑස් තිබුණේ නැහැ. පසුගිය කාලේ පාසල් වහලා තිබුණේ. දැන් පාසල් පවත්වාගෙන යනවා. විභාග පවත්වනවා. පාසල් වහල තිබුණ ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඩොලරය අද 320 යි. විදුලි බිල වැඩි කළා. හෙට අනිද්දට සියයට 18 කින් විදුලිය අඩු කරයි.
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, ඩොලරය අඩු වෙනකොට ආනයනය කරන බඩු මිල අඩුවෙනවා. රජයේ සේවකයින්ගේ ගෙවිය යුතු අනික් රුපියල් පන්දහස ගෙවිය යුතුයි.







