Home Politics News Room : “ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” දෙවන පියවර කොළඹට

News Room : “ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” දෙවන පියවර කොළඹට

0
0

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” යන තේමාව යටතේ නව සන්ධානය විසින් සංවිධාන කරනු ලබන ජන රැළි මාලාවේ දෙවන පියවර පෙබරවාරි 24 වෙනි දින කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පස්වරු 2.30 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, සූගීෂ්වර බන්ඩාර යන මහත්වරුන් මෙම රැළියට සහභාගී වීමට නියමිතව ඇත.

මෙහිදී නැගෙනහිර පළාත හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයින් කිහිප දෙනෙකු නව සන්ධාන වේදීකාවට ගොඩවීමට නියමිතව ඇති බව නව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here