මෙරට දේශපාලනයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාරය කොමියුනිස්ට් පක්ෂයයි. මෙම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අසූවන සංවත්සරය ජූලි 03 දා (අදට) යෙදී ඇත. ඒ වෙනුවෙන් මෙරට ෙජ්‍යෂ්ඨ දේශපාලනඥයකු සහ හිටපු ඇමැතිවරයකු වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් නොපැකිළව ඉදිරිපත් වුණා
සමඟි පෙරමුණේ සමඟිය 1975 වනවිට නැතිව ගියා
රට තිබෙන්නේ වමත් මැදත් එකතු විය යුතු අවස්ථාවකයි
අසූවන සංවත්සරය සමරන කොමියුනිස්ට් පක්ෂය ජනතාව වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය පිළිබඳව පක්ෂයේ ෙජ්යෂ්ඨයකු විදිහට ඔබේ අදහස කුමක්ද ?
මෙරට වාමාංශික ව්‍යාපාරයක් විදිහට සාමාන්‍ය ජනතාව වෙත ලැබී තිබෙන බොහෝ අයිතීන් තහවුරු කිරිමටත්, අයිතීන් දිනා දීමටත් අප කොමියුනිස්ට් පක්ෂය බොහෝ කටයුතු කළා. ඇත්තෙන්ම වමේ ව්‍යාපාරය තුළ කොමියුනිස්ට් පක්ෂය බිහි වුණේ 1943 වර්ෂයේදීයි. ලංකා සමසමාජ පක්ෂය මීට පෙර බිහි වුණා. කොමියුනිස්ට් පක්ෂය බිහි වීම සිදු වන්නේ සූරියමල් ව්‍යාපාරය තුළ මෙරට වාමාංශික ව්‍යාපාරය පිබිදී ඒමත් සමඟයි. එහිදී එස්. ඒ. වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවනු ලැබුවා. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයකු විදිහට පත්වීම ද ඒ කාලයේදී සුවිශේෂ කරුණක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. කොමියුනිස්ට් පක්ෂය අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් සහ සෞඛ්‍ය නිදහස වෙනුවෙන් නොපැකිළව ඉදිරිපත් වූ දේශපාලන ව්‍යාපාරයක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ. ඇත්තෙන්ම මෙරට දේශපාලනය තුළ පැහැදිලි වැඩපිළිවෙළක් මුලින්ම ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය විදිහට අපේ පක්ෂය හඳුන්වා දෙන්න පුළුවන්.
1947 මහ මැතිවරණයේදී ලැබුණ ප්‍රතිඵලය තුළ එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ තත්ත්වය තුළ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂවලට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩක් විවෘතව තිබුණා. මේ තත්ත්වය ගැන අද ඔබගේ විග්‍රහය කුමක්ද.?
ඔව්. එදා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ස්වාධීන වමට බර අපේක්ෂකයන්ට සැලකිය යුතු බලයක් ලැබුණා. ඒ තත්ත්වය තුළ බණ්ඩාරනායක මහතා හෝ සියල්ලන්ටම පොදුවේ පිළිගන්න පුළුවන් අපේක්ෂකයකු අගමැතිවරයා විදිහට නම් කිරීමට තීරණය කළත් එය සාර්ථක වුණේ නැහැ.
කොමියුනිස්ට් පක්ෂය සහ සෙසු වාමාංශික පක්ෂ අතර තිබෙන වෙනස පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද.?
අපේ පක්ෂය නිතරම පොදු වැඩපිළිවෙළක් සහ පුළුල් සමඟිය පිළිබඳව විශ්වාස කළ දේශපාලන ව්‍යාපාරයක් විදිහට කටයුතු කළේ. අපේ පක්ෂය නිතරම කටයුතු කළේ තනි පක්ෂයක් විදිහට තමන්ගේ පක්ෂය විතරක් ඉහළට ගැනීමට නොවෙයි. පොදු වැඩපිළිවෙළක් තුළ රට තුළ රටට හිතවත් ප්රගතිශීලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි. කොමියුනිස්ට් පක්ෂය 1947 මහ මැතිවරණයෙන් පසුවත් උත්සාහ කළේ එවැනි පොදු වැඩපිළිවෙළක් තුළ ප්රගතිශීලී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.
එදා ඒ වැඩපිළිවෙළ නිසි විදිහට ක්‍රියාත්මක වුණා නම්, රටේ ගමන් මඟ අදට වඩා වෙනස් වීමට ලොකු ඉඩක් තිබුණා. ඒ නිසා තමයි කොමියුනිස්ට් පක්ෂය සමාන අදහස් ඇති සෙසු දේශපාලන ව්‍යාපාර සමඟ එක්ව කටයුතු කිරීමට නිතරම වැඩකළේ. අපට කොමියුනිස්ට් පක්ෂය විදිහට රටේ ප්රගතිශීලී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් එහි වාසිය ජනතාව වෙත අත්පත් කර දීමටත් විශාල වැඩ ප්‍රමාණයක් ඉටු කර තිබෙනවා. එහි එක් ප්‍රතිඵලයක් තමයි, 1964 දී වමේ පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිට වූ වමේ පෙරමුණ. එහෙත්, ඒ වැඩපිළිවෙළ ආණ්ඩු බලයත් සමඟ දීර්ඝ කාලීනව පවත්වා ගෙන යන්න බැරි වුණා. එහි දිගුවක් තමයි 1970 සමඟි පෙරමුණ විදිහට බිහි වන්නේ. කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වඩාත් ප්රගතිශීලී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ජනසතු ව්‍යාපාර ඇති කිරීම දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම වගේ වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කළා. ඒ නිසා ඒ කාලය තුළ අපට දේශපාලන පක්ෂයක් විදිහට ලොකු කාර්ය ප්‍රමාණයක් ඉටු කිරීමට හැකියාව ලැබුණා. ඒ විදිහේ හොඳ කාර්යභාරයක් ඉටු කිරීමට අවස්ථාව ලැබුණේ කොමියුනිස්ට් පක්ෂය සිදු කළ සමගි වැඩපිළිවෙළ නිසයි.
ඒ ආකාරයේ සමඟි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළත් 1977 වන විට කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය ඇතුළු වමේ පක්ෂ සම්පූර්ණයෙන්ම සෝදා පාළුවට ලක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටකට සීමා වුණා. මේ තත්ත්වය පිළිබඳව ඔබේ විග්‍රහය පැහැදිලි කුමක්ද?
ඔව්. සමඟි පෙරමුණේ සමඟිය 1975 වනවිට නැතිව ගියා. ලංකා සමසමාජ පක්ෂය මුලින්ද ඉන්පසුව අප ද සමඟි ආණ්ඩුවෙන් ඉවත් වුණා. එහි ප්‍රතිඵලය බවට පත් වුණේ 1977 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් ලබා ගැනීමයි. මෙම ජයග්‍රහණය මෙරට තීරණාත්මක දේශපාලන සංධිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. නව ලිබරල්වාදය ශක්තිමත් වීම තුළ රට විශාල අර්බුදයකට ගියා. විවිධ අර්බුද ආර්ථික අර්බුද ඇතුළු ගැටලු රැසකට මේ තත්ත්වය බලපෑවා. එදා සහල් වෙළෙඳාම ගනිමු. 1977ට පෙර සහල් මෝල් රාශියක් තිබුණා. තරගකාරී මට්ටමේ කුඩා සහල් මෝල් දෙදහසකට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා සහල් නිෂ්පාදනය තුළ තරගකාරීත්වය තිබුණා. එහෙත්, නව ලිබරල්වාදය සමඟ මෙම සියලු දේ විනාශ වුණා. අද වනවිට සහල් මෝල් ප්‍රමාණය අඩු වෙලා ප්‍රධාන සහල් මෝල් දෙක තුනකට සීමා වෙලා ඒ තත්ත්වය තුළ අද සහල් කිලෝවේ මිල මෝල කරුවන් සිතු සිතූ ලෙස තීරණය කරනවා. මේ මම සඳහන් කළේ 1977 න් පසුව ඇති වූ තත්ත්වය පිළිබඳවයි. ඇත්තෙන්ම 1977ට පෙර මාරුවෙන් මාරුවට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගෙන ආණ්ඩු බලයට පැමිණියත් ඒ ආණ්ඩුවල ආර්ථික ප්රතිපත්තිවල ලොකු වෙනසක් තිබුණේ නැහැ. එහෙත් 1977න් පසුව ආර්ථික ප්රතිපත්තිවල විශාල වෙනසක් වුණා. එහි ප්‍රතිඵල පිළිබඳව අද ඔබට තීරණය කරන්න පුළුවන්.
අප යෝජනා කළ ආකාරයට ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නම්, අද ඇතිව තිබෙන තත්ත්වය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබුණා. කොමියුනිස්ට් පක්ෂය මූලික කර ගත් වැඩපිළිවෙළ මඟින් රටට හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබීමට අවස්ථාව තිබුණා.
කොමියුනිස්ට් පක්ෂය විදිහට අනාගත දේශපාලනය සකස් විය යුතු ආකාරය සහ බලය ලබා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?
වම සහ මැද එකතු විය යුතු අවස්ථාවකයි රට තිබෙන්නේ. දැන් පැහැදිලි වෙලා තිබෙනවා වම සහ මැද එකතු වුණොත් තමයි රට දේශපාලන වශයෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන්නේ කියලා. එනිසා අද රට ක්‍රම වෙනසකට ලක් කළ යුතු නම් අනිවාර්යෙන්ම සිදු විය යුතු දෙයක් විදිහටයි සැලකීමට පුළුවන්කම තිබෙන්නේ.
දැනට තිබෙන්නේ 1977න් පටන් ගත් ක්‍රමය මේ වන විට ගැටලු සහිත දෙයක් බවට පැහැදිලි වෙලා තිබෙනවා. ඒ නිසා දැන් අවශ්‍ය කරන්නේ අන්ත වාමාංශික හෝ අන්ත දක්ෂිණාංශික වැඩපිළිවෙළක් නොවෙයි වම සහ මැද මාවත එක් කර ගන්නා ක්‍රමයක්. අපි දේශපාලන පක්ෂයක් විදිහට ඒ අනුවයි කටයුතු කරන්නේ.
කොමියුනිස්ට් පක්ෂය පසුගිය කාලයේදී කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරය සමඟයි. ඉන්පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික කරගත් දේශපාලන ව්‍යාපාරය සමඟයි. කොමියුනිස්ට් පක්ෂ ඉදිරි කාලයේදි දේශපාලන වශයෙන් කටයුතු කරන්නේ කුමන ආකාරයටද?
මේ වන විට පොදුජන පෙරමුණේ දේශපාලනය සක්‍රීය නොවන තත්ත්වයකයි. ජනතාව අතරත් ඔවුන්ට තිබෙන පිළිගැනීම අඩු තැනකයි එනිසා කොමියුනිස්ට් පක්ෂය විදිහට අප උත්සාහ කරන්නේ වාමාංශිකයන් සහ මැද මාවත සන්ධාන ගතවූ දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි. අපේ අනාගත දේශපාලන අරමුණ බවට පත්ව තිබෙන්නේ.
1977 දී සම්පූර්ණයෙන්ම බිමට කඩා වැටුණු කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වම 1994 මහ මැතිවරණයේදී නැවත නැඟී සිටියා. ඒ අවස්ථාවේදී කොමියුනිස්ට් පක්ෂය ඇතළු වමේ පක්ෂ ආසන පහළොවකට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කළා. මේ තත්ත්වය වමේ නව නැඟීමකට පසුබිම සකස් කළාද?
ඔව්. වමේ පක්ෂවලට 1994 දී නැවත සැලකිය යුතු බලයක් ලැබුණා. ඒ නිසා අපට හැකියාව ලැබුණා නැවත ප්රජාතන්ත්රවාදය සහ මිනිස් අයිතිවාසිකම් තහවුරු කරමින් ජාතිවාදී සහ ආගම්වාදි නොවන දේශපාලන ක්‍රමයක් නිර්මාණය කිරීමට. ඇත්තෙන්ම අපට පූර්ණ වාමංශික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකියාව නොලැබුණත් යම් පමණකට ප්රගතිශීලි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අපට පුළුවන්කම ලැබුණා. අද වන විට නැවත ලොකු දේශපාලන හිඩැසක් ඇතිව තිබෙනවා. කොමියුනිස්ට් පක්ෂය සහ වමට එම දේශපාලන හිඩැස පිරවීමට ඉක්මන් සැලසුමක් සහිතව කටයුතු කළ යුතුව තිබෙනවා. මීළඟ ජාතික මැතිවරණයේදී ගන්නා තීරණය කුමක්ද කියලා ලක්ෂ තිහකට වැඩි ඉහළ මධ්‍යම පන්තිය සහ පහළ මධ්‍යම පන්තියේ පිරිසක් නිහඩව බලා සිටිනවා. කම්කරු පන්තිය සමඟ මධ්‍යම පන්තිය එකඟ කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි නම්, මෙරට වමේ ව්‍යාපාරයට ඉදිරියේදී පැහැදිලි බලයක් නිර්මාණය කිරීමට හොඳ ඉඩක් ඇතිව තිබෙනවා.
නව වැඩපිළිවෙළක් ඇති කිරීමට කොමියුනිස්ට් පක්ෂය සූදානම්ද?
1955දීත් අපි තමයි පක්ෂයක් විදිහට ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ. වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳව නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අපි නැවතත් සූදානමින් ඉන්නවා.
උදිත ගුණවර්ධන