ශ්‍රීලන්කන් ගුවන් සේවයේ දූෂණ හා වංචා සෙවීමට මා ජනාධිපතිවරයා ලෙස සිටියදී පත්කළ කොමිසම් සභාවේ වාර්තාව සභාගත කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැසීය.
සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය.
තවදුරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවුණ එම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙනවා.
තමන් වරක් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යමින් සිටියදී ලබාදුන් කජු බල්ලෙකුටවත් කා නොහැකි බවත් තමන් ඒ පිළිබඳ සොයා බලද්දී ඩුබායි රටින් ගෙන්වා ඇති බව වාර්තා වුණා.